” ෆොන්සේකා ‘හැක්’ වෙයි-ගෝඨා ප‍්‍රබල රහසක් හෙළි කරයි

” ෆොන්සේකා ‘හැක්’ වෙයි-ගෝඨා ප‍්‍රබල රහසක් හෙළි කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

දිනෙන් දින ඉහළ යන ආරක්‌ෂක බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සමාජයේ ඇතිවී තිබෙන කතාබහ පිළිබඳ සංවාදය සඳහා හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන සාකච්ඡාවක් අතර මේ බව හෙළිවිය.ප්‍රශ්නය – නමුත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ චෝදනාව වන්නේ ඔබ යටතේ සිටි මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ විසින් ලසන්ත ඝාතනය සඳහා කණ්‌ඩායමක්‌ යොමු කළ බවයි… පිළිතුර – සරත් ෆොන්සේකා මේ කියන කතාව නිසාම ඔහුව අත්අඩංගුවට ගන්න ඕනේ. හෙන්දාවිතාරණ යටතේ හමුදාවේ පිරිසක්‌ සිටියා නම්, හමුදාපති ලෙස ඔහු ඒ සදහා වග කියන්න ඕනේ. එහෙම කට්‌ටියක්‌ ඉඳගෙන වැරදි වැඩක්‌ කරනවා නම් ඇයි ෆොන්සේකාට බැරි ඒක වහාම නවත්වන්න. ඒ අයට පරීක්‌ෂණයක්‌ පවත්වන්න. එහෙම පිරිසක්‌ හිටියා නම් ඒ අයව යළි කැඳවන්න ඔහුට බැරි වුණේ ඇයි…? හමුදාවේ සිටින සෑම කෙනෙක්‌ පිළිබඳවම හමුදාපති ලෙස ඔහු වගකියන්න ඕනේ…ප්‍රශ්නය – හිටපු හමුදාපතිවරයා විසින් සඳහන් කරන්නේ, බුද්ධි අංශ පිළිබඳව නොව, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ සිටි වෙනම කණ්‌ඩායමක්‌ පිළිබඳවයි…පිළිතුර – එයා සාකච්ඡාවකදී එහෙම කියනවා මමත් අහගෙන හිටියා. එහෙනම් අත්අඩංගුවේ සිටින අනිකුත් බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව එයා මොකද කියන්නේ… දැන් අත්අඩංගුවට අරන් ඉන්න හැමකෙනෙක්‌ම බුද්ධි අංශ අයනේ… එහෙනම් ඒගොල්ලන්ව නිදහස්‌ කරලා දාන්න කියලා කියන්න පුළුවන්නේ… පළිගැනීම සඳහා හෝ වෙනත් අයගේ අවශ්‍යතා ඉටුකිරීමට සරත් ෆොන්සේකා විසින් කරන මේ දේවල්, ජාතික ආරක්‌ෂාවට හමුදාවට මෙන්ම ඔහුටත් කරගන්න හානියක්‌. ඔහු කොහොමද කියන්නේ තමන් දන්නේ නැහැ කියලා, තමන් යටතේ ඉන්න බුද්ධි අංශ මොනවද කරන්නේ කියලා… පැත්තක ඉන්න අයට චෝදනා කරන්න එයාට පුළුවන්කමක්‌ නැහැ. මේ පරීක්‌ෂණ පවත්වන නිලධාරීන් පවා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ… මම දන්න විදිහට මේ පරීක්‌ෂණ හරි මාර්ගයක යන්නේ නැහැ. අපි ඉන්න කාලයේම, මේ දේවල් ගැන තොරතුරු ලැබිලා තිබුණා. එයින් එහාට යන්න විදිහක්‌ තිබුණේ නැති එකයි ප්‍රශ්නය. ඊට අමතරව සරත් ෆොන්සේකා විසින් යම් යම් කණ්‌ඩායම් ලවා කරපු දේවල් ගැන තොරතුරු වාර්තා වුණා. ඒ දේවල් ගැන හොයන්නේ නැත්තේ ඇයි…? මේ බුද්ධි අංශයක්‌ පස්‌සෙම යන්නේ ඇයි…? මේ වගේ දේවල් වෙනවා කියලා එයා දැනගෙන හිටියා නම් හමුදාපතිවරයා වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. එහෙම දෙයක්‌ වෙනවා නම් ඔහුත් වගකියන්න ඕනේ.ප්‍රශ්නය – ඔබ විසින් නීතිඥ වැලිඅමුණට හානියක්‌ කරන්න කියලා හිටපු හමුදාපතිවරයාට කියා තිබෙන බවත් ඔහු එය ප්‍රතික්‌ෂේප කිරීම නිසා, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ ලවා එය කර ගත් බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.පිළිතුර – හෙන්දාවිතාරණට කියලා ඒක කරගන්න පුළුවන් නම් මම මොකටද සරත් ෆොන්සේකාට ඒක කියන්නේ. මම කෙලින්ම හෙන්දවිතාරණට කියනව නේ… මොකද මම කරන දේවල් එයාට දැනුම් දීලා ඉන්න ඕනේද…? මේ වගේ විහිළු තමයි එයා කරන්නේ. ඔහුට තියෙන ක්‍රෝධයේ තරමයි මේ දේවල්වලින් පෙනෙන්නේ… ඒ කාලේ විපක්‌ෂ නායක විදිහට හිටපු වර්තමාන අගමැතිතුමා ඔහුගේ නම ලසන්ත ඝාතනයට සම්බන්ධ කිරීම ගැන එයා කියපු දේ දැක්‌කාද…? ඔහු සමග තරහ හමුදා නිලධාරින් පිරිසක්‌ එවකට විරුද්ධ පක්‌ෂ නායකතුමාට බොරු කිව්වා. ඒ දේවල් තමයි රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ කියලා එයා කියනවා. ඕකම තමයි එයා දැන් කරන්නේ. වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කරනවා. සරත් ෆොන්සේකා අද කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, එවැනි කෙනෙක්‌ මෙහෙම කිව්වාම ඒ පරීක්‌ෂණ සිදුකරන නිලධාරීන්ට සිද්ධවෙනවා, ඒ දේවල් සනාථ කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මම දැක්‌කා චම්පික රණවක ඇමැතිතුමාත් මෙවැනි ප්‍රකාශයක්‌ නිකුත් කරලා තිබුණා. එතුමා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයෙක්‌. පොලිස්‌පති තනතුර පවා පත් කරන්නේ ඒ මණ්‌ඩලයෙන්. වෙච්ච දේවල් සඳහා රාජපක්‌ෂලා වගකියන්න ඕනේ කියලා චම්පික ඇමැතිතුමා කියනවා. ගෝඨාභය සහ හෙන්දාවිතාරණ වගකියන්න ඕනේ කියලා සරත් ෆොන්සේකා කියනවා. කැබිනට්‌ ඇමැතිවරු මෙහෙම කියලා, වාතාවරණයක්‌ හදලා, පොලිසියට කියනවා පරීක්‌ෂණයක්‌ තියන්න කියලා. එතකොට ඒ පරීක්‌ෂණ ස්‌වාධීනව සිදු කෙරෙයිද…? ඒ ඇමැතිවරුම නිමිත්ත ඇති කරලා, තීරණ දීලා, ආණ්‌ඩුව යටතේ තියෙන පොලිසියට කියනවා පරීක්‌ෂණ තියන්න කියලා. එතකොට මෙතැන තියෙන සාධාරණය මොකක්‌ද…? මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්‌. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේක නවත්වන්න ඕනේ… ඒ අය කතා කළේ සාධාරණ සමාජයක්‌ ගැන නේ… අගමැතිතුමා නීතිඥයෙක්‌. එතුමා නීතිය දන්නවා. බලගතු ඇමැතිවරු එකිනෙකා ළඟට ඇවිල්ලා නම් කියලා, විවිධ සිදුවීම් වෙනුවෙන්, කිසිදු පදනමක්‌ නැතුව චෝදනා කරලා, කරගෙන යන වැඩේ හරිද…? හැමකෙනාම දන්නවා, මේ දේවල් කළේ කවුද කළේ කියලා. සියලූ දෙනාගේ හදවත ඒ ගැන දන්නවා. ඊළඟට ඒ අය පරීක්‌ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ඒ අය කියපු විදිහට පරීක්‌ෂණ කරන්න.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!