ෆේස්බුකියෙන් හඳුනාගෙන එංගලන්තයෙන් එවූ යුරෝ 32,000 ගන්න ලක්ෂ 20ක් වතුරේ යැවූ තරුණිය

ෆේස්බුකියෙන් හඳුනාගෙන එංගලන්තයෙන් එවූ යුරෝ 32,000 ගන්න ලක්ෂ 20ක් වතුරේ යැවූ තරුණිය

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම ඔස්සේ දැන හඳුනා ගෙන එක්සත් රාජධානියේ සිට ත්‍යාගයක් එවන බව පවසා මාතර හිත්තැටියේ පදිංචි 34 හැවිරිදි තරුණියකගෙන් රුපියල් විසි ලක්ෂ පනස් දෙදහස් පන්සීයක මුදලක් බැංකු ගිණුම් වලට බැර කරවා ගෙන මුදල් වංචා කර බව කියන පුද්ගලයින් පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකය පවසයි.
මාතර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඇය ෆේස් බුක් ගිණුම ඔස්සේ එක්සත් රාජධානියේ සිටින බව කියන සැකකරුවකු හදුනා ගෙන තිබේ.
ඔහු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල ඇමතුමක් ලබා ගෙන ඇය සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කර ඇත.
ඇයට ත්‍යාගයක් ලෙස එවීමට කැමති ඇදුම් පැළදුම්,මාල රන් ආභරණ ඇතුළු භාණ්ඩ රැසක් ඡායාරූප ද බැලීමට එවා තිබේ.
වියදම සදහා යුරෝ තිස් දෙදහසක මුදලක් ද තෑගී පාර්සලය සමග එවන බව දැනුම් දී ඇත.ඒ අනුව ඉන් දින කිහිපයකට පසු තවත් පුද්ගලයෙකු ඇයට අන්තර්ජාල ඇමතුමකින් පවසා ඇත්තේ මිතුරා දුන් ත්‍යාග පාර්සලය රැගෙන ආ බවත් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට මුදල් එවන ලෙසත්ය.
එම දැනුම් දීම පරිදි ඉකුත් මාර්තු මස 16 සිට 21 දක්වා අතර දින පහක කාලය තුල ඇය වර රුපියල් විසි ලක්ෂ පනස් දෙදහස් පන්සීයක මුදලක් සැකකරු විසින් ලබා දුන් මෙරට බැංකු ගිණුම් හතකට බැර කර තිබේ.
ත්‍යාගය එවීමට නම් තවත් ලක්ෂ තුනක් අවශ්‍ය බවත් මේ වන තෙක් පොරොන්දු වු පරිදි ත්‍යාගය නොලැබීම නිසාත් ඇති වු සැකය මත එම තරුණිය පොලීසියට පැමිණිලි කර තිබිණි.

(Visited 180 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!