ෆේස්බුක් නිසා නව යොවුන් බිරිඳ මරු තුරුළට

ෆේස්බුක් නිසා නව යොවුන් බිරිඳ මරු තුරුළට

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

විවාහයට පසුව පැරණි පෙම්වතා විසින් එකල ගන්නා ලද ඡායාරූප ෆේස් බුක් ගිණුමේ පළ කිරීම නිසා ගෙල වැළලාගෙන ඇති කාන්තාවක පිළිබඳව තිසෝගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

විවාහවීමට මාස 6කට පමණ පෙර පෙම්වතියකව සිටිය දී ගන්නා ලද ඇගේ ඡායාරූප මෙයට මසකට පමණ පෙර ෆේස්බුක් ගිණුමකට මුදා හැරීමට කටයුතු කර ඇති බැව් දැනගන්නට ලැබීමෙන් බලවත් සිත් තැවුලට හා ලැජ්ජාවට පත් 25 හැවිරිදි තුරුණු බිරිය ගෙල වැළලාගෙන සිය දිවියෙන් සමුගෙන තිබෙනවා.

තිසෝගම, වෙලංගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. එම්. අනූෂා මධුවන්ති මෙලෙස සියදිවි නසා ගෙන ඇති අතර කුලියාපිටිය රෝහලේ දී පැවති මරණ පරීක්ෂණයේදී වැඩිමල් සොහොයුරකුවන ආර්.එම්.අමිත් සංජීව මෙම තොරතුරු සඳහන් කර තිබෙනවා.

“මියගොස් සිටින්නේ මගේ බාල සොයුරියයි. ඇය මෙයට මාසයකට පමණ පෙර වෙලංගොල්ල ප්‍රදේශයේ සඳුන් ජීවන්ත යන අය සමඟ විවාහ වුණා.

මෙයට දින 3 – 4 කට පමණ පෙර මට දැන ගන්න ලැබුනා. නංගී විවාහ වීමට පෙර වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් එම තැනැත්තා ඒ කාලයේ දී ගන්නාලද ඔහු සමඟ නංගී පෙනී සිටි ඡායාරූප ගැන කියා නංගීට තර්ජනය කරන බව.

සුජිත් සාගර නමැති එම තැනැත්තා එම ඡායාරූප ෆේස්බුක්වල දාලා තිබී මා දැක්කා. ඒ බව නංගීටත් ආරංචිවෙලා තියෙන්න ඇති.

මේ පිළිබඳව අපේ පවුලේ අයත් නංගීගේ සැමියාත් කතා බස් කර සජිත් සාගර නමැත්තාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දැමීමට තීරණය කර ඔක්තෝබර් 4 වන දින අපේ අම්මාත්, මාමාත්, නංගී සමඟ බිංගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණා.

පසුව අම්මා හා මාමා නංගීව වෙ‍ලංගොල්ල ගෙදර නවත්වලා අපේ ගෙදර ආවා.

ඉන්පසුව අපේ මාමාට දුරකතන ඇමතුමක් දුන් අයෙකු කියා තිබුණා නංගී ගේ ඇතුළේ කාමරයක ‍ගෙල වැළලාගෙන ඉන්නා බව. අපි වහාම වෙලංගොල්ලේ ඒ නිවසට ගියා. එහිදී මා දැක්කා නංගී ගෙදර කාමරයක වහලේ රෙදි පටියකින් ගෙල වැළලාගෙන එල්ලී ඉන්නවා.

රෙදි පටිය කපා නංගීගේ සිරුර බිමට ගෙන වාහනයකින් බිංගිරිය රෝහලට රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරියක් නංගීගේ සිරුර පරීක්ෂාකර බලා කීවා. ඇය මියගොස් ඇති බව.”

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!