ෆේස්බුකියේ ආදරවන්තිය සොයා ආ තරුණයා තරුණිය දෙපාමුල වස බී නසී

Spread the love
  •  
  •  
  •  
  •  

ෆේස්බුකියේ (මුහුණු පොතේ) මඟින් හඳුනාගත් බැංකු නිලධාරිනියක් සමඟ වසර 06ක ආදර සම්බන්ධතායක් පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයකු සිත්තැවුලට පත්ව තරුණියගේ නිවෙසටම පැමිණ රසානායන ද්‍රව්‍යයක් පානය කර දිවි නසා ගැනීමේ සිද්ධියක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.

අංක 248 යසසිරිපුර අනුරාධපුර ලිපිනයේ පිහිටි තරුණියගේ නිවෙසට මේ තරුණයා ඉකුත් අගෝස්තු මස 29 වැනි දින පැමිණ එම නිවෙසේ නාන කාමරය තුළ දී රසායන මිලි ලීටර් 120ක් පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගාතූර වී දින 19ක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයේ සහ වාට්ටු අංක 17 ප්‍රතිකාර ලැබුවේය. ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්වූයේ 71 කොටස, පොල්වත්ත, මැටියත්ත මාතලේ ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ විපුල කුමාර ඇල්විටගල (29) මහතායි.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් යසසිරපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි කැකිරාව නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සේවයේ නියුතු බැංකු නිලධාරිනියක් වන හේමාගමගේ නිමානි හිරුණිකා (22) මෙනවිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්කි ලබාදුන් අතර ඇය මෙසේ සාක්කි ලබා දී තිබිණි.

2009 වසරේ අන්තර් ජාලයෙන් (මුහුණු පොතින්) මා මියගිය අය හඳුනා ගත්තා. ඉන්පසු අප දෙදෙනාට දෙපාර්ශ්වයේම කැමැත්ත ද ලැබුණා. ඔහු මාස දෙකකට පමණ වරක් මාගේ නිවෙසට ආවා ගියා. මා බැංකු නිලධාරිනියක් වශයෙන් සේවය කරන නිසා සුහද හමුවලට සහ හිතමිතුරන්ගේ සාදවලට සහභාගී වීමට සිදුවුණා. ඔහු ඒ සඳහා මා හට විවිධ තහංචි පනවනු ලැබුවා. අපේ හඳහන් ද නොගැලපීම නිසා මා ආදර සම්බන්ධතාව නැවැත්වූවා.

අගෝස්තු මස 29 වැනිදා 01.45 ට පමණ විපුල කුමාර පයින්ම අපගේ නිවෙසට පැමිණියා. පැමිණ මාත් අම්මාත් සමඟ කතා කළා. නැවත රණ්ඩු කිරීමට අවශ්‍ය නැහැ කියා කිවුවා. අපගේ සම්බන්ධය නොනවත්වන ලෙස ඉල්ලා සිටියා. ඉන්පසු ඔහු බීමට වතුර වීදුරුවක් ඉල්ලා ගෙන ඉන් භාගයක් පානය කර ඉතුරු වතුර ටික ඔලුවේ හලා ගත්තා.

ඉන්පසු දිය නැම සඳහා තුවායක් ද ඉල්ලා ගෙන නාන කාමරයට ගොස් දොර වසා ගත්තා. ටික වේලාවකින් නාන කාමරයේ වීදුරුවක් කැඩෙන හඩ ඇහුනා. අපි කලබල වී නාන කාමරයේ දොර ඇර බලද්දී ඔහුගේ කට වටේ සුදුපාට පෙන වගේ තිබුණා.

ඔහු මට කතා කර ඔයාගේ දෙපාමුල මැරෙන්න ඕනේ කියා කිවුවා. මම විපුල කුමාරව දෑතින් අල්ලා ගත්තා. අසැල්වැසි වෛද්‍යවරයකු සහ අසැල්වැසියන් සමඟ එක්වී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා. මියගිය තරුණයා විසින් සිය ප්‍රේමවන්තියට ලියු පිටු 14 කින් යුතු සවිස්තරාත්මක ලිපියක් ද පොලීසිය මඟින් පොලිස් භාරයට ගෙන මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ මරණ පරීක්ෂයේ දී මියගිය තරුණයාගේ මව වන කොටුවේ ගෙදර සිරිමාවතී (60) සයදරු මවද සාක්කි ලබා දී තිබිණි. වස පානය කිරීමෙන් සිදුවු මරණයක් බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.කේ සේනානායක මහතා විසින් තීන්දු කළේය. අනුරාධපුර නාගරික හසිදි මරණ පරීක්ෂක එච්.එම් කුලසේකර මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර පොලිස් සැරයන් 46771 රත්නායක මහතා මරණ පරීක්ෂණ සාක්කි මෙහෙයවීය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!