“ළිංමැඩි මානසිකත්වය පෙන්වීම අසික්කිතයි”-අකිල

“ළිංමැඩි මානසිකත්වය පෙන්වීම අසික්කිතයි”-අකිල

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

කල් ඉකුත් වූ චින්තනයෙන් පිරි දේශපාලනඥයන්, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට පහර ගසමින් සිය ළිංමැඩි මානසිකත්වය හා අඳ බාල බව ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.    විසි එක්වැනි සියවසට අදාළ අධ්‍යාපන නිපුණතා සාක්ෂාත් කර ගැනීමට හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට අතිශයින් වැදගත්වන ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය විවිධ අසාධාරණ විවේචන මගින් කඩා කප්පල් කිරීමට ගෙනගිය කුහක ක්‍රියාමාර්ග හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද වූ බව පවසන අමාත්‍යවරයා, ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හා අමාත්‍ය මණ්ඩලය ටැබ් පරිගණක දියයුතු බවට ඉකුත් 25 වැනිදා ‍ඓතිහාසික තීන්දුවකට එළැඹිම අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක්  බව සඳහන් කරයි.එම ජයග්‍රහණය ඉවසනු බැරි වුවෝ දැන් විවිධ චෝදනා නඟමින් සිය කුහක මානසිකත්වය පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!