ළමා අපචාර වලින් ලංකාවෙන්ම දෙවැනි තැන අනුරාධපුරයට

ළමා අපචාර වලින් ලංකාවෙන්ම දෙවැනි තැන අනුරාධපුරයට

Spread the love
  •  
  •  
  •  
  •  

ළමා අපයෝජන හා ළමා අපචාර අතින් දිවයිනේ දෙවැනි තැන අනුරාධපුරයයි. බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ සංස්‌කෘතියේ අගනුවරත් අනුරාධපුරයයි. මෙවැනි උතුම් නගරයක්‌ තුළ දුවා දරුවන් අපචාර අපයෝජන වලින් තොරව නිදහසේ හැදෙන්න ඕන. මානව සමාජය තුළ බෝවී ඇති විෂමාචාර නිසා මේ විදියට ළමා ලෝකය කිළිටි වී තිබෙනවා. පළාත් සෞඛ්‍ය සමාජ සේවා සහ පරිවාස හා ළමා රක්‌ෂක සේවා ඇමැති කේ. එච්. නන්දසේන මහතා සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
දරුවන් මල්වගේ විතරක්‌ නෙමෙයි මේ රටේ අනාගතය බාරගන්න පුරවැසියන්. දරුවා හොඳට හැදුනොත් තමයි මේරටට හොඳ අනාගතයක්‌ ඇතිවන්නේ මේ නිසා රජයේ ප්‍රථම වගකිව යුතු කාර්යය වන්නේ දරු පරපුර ආරක්‌ෂා කරමින් යහපත් පුරවැසියන් ලෙස වැඩීමට ඔවුන්ට මග පෙන්වීමයි.
තවදුරටත් කරුණු දැක්‌වූ අමාත්‍ය වරයා මෙසේද පැවැසීය.
ජපානයේ නිල වශයෙන් පත්කරන පරිවාස නිලධාරින්ට වඩා ගමක්‌ පාසා අති බහුතරය ඉන්නේ ස්‌වේච්ඡා පරිවාස නිලධාරීන්. විශ්‍රාම ගිය රජයේ සේවකයන් සමාජ ශූධාරකයන් ගුණයහපත් ව්‍යාපාරිකයන් ආදී වශයෙන් දැන උගත් පුරවැසියන් ඒ ඒ ගම්වලට ස්‌වේච්ඡා පරිවාස නිලධාරීන් ලෙස රජයෙන් පත් කරනවා. අපේ රටේ සාමදාන විනිශ්චයකාර වරුන් පත් කරන්න වගේ ගරුනම්බුව උදෙසා ස්‌වෙච්ඡා පරිවාස නිලධාරීන් පත් කරනවා. ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ද ඇති නිසා තමන්ගේ බල ප්‍රදේශයේ දුවා දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ඔවුන් අවදියෙන් කටයුතු කරනවා. මෙය අපේ රටටත් ගැලපෙන ක්‍රමවේදයක්‌. විශේෂයෙන් දුවා දරුවන් පිළිබඳ විවිධාකාර ගැටලු මතු වී පවත්නා මේ යුගයේ දී මෙවැනි වැඩපිළිවෙලක්‌ මගින් දරුවන්ගේ ආරක්‌ෂාව සහතික කළ හැකිය.
මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රථමයෙන් ගමක්‌ පසා ළමාරක්‌ෂක සේවා කමිටු ඇති කරනවා මේ කමිටුවල මාර්ගෝපදේශකයා ලෙස ස්‌වේච්ඡා පරිවාස නිලධාරීයාට කටයුතු කළ හැකියි. මේ අන්දමට සෑම ගමකම දරුවන් රැක බලා ගැනීම සඳහා සමීප අධීක්‌ෂණයක්‌ ඇති කමිටු පිහිටුවීමට පියවර ගන්නවා.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!