හොර නීරෝෂා පොලිස් විමර්ශනයට

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

තමන් නමින් පෙනී සිටින වෙනත් තැනැත්තියක් සමාජයේ පිළිගත් පුද්ගලයින් නොමග යවමින් ඇතැයි ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනි මහත්මිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බවයි.

 

මිරිහාන පොලීසියට ඊයේ දිනයේ පැමිණිල්ලක් ලැබි තිබෙනවා. එම පැමිණිල්ල සඳහන් වන්නේ ජනපි‍්‍රය ගායිකාවක්ගේ නමින්. ඇය කරන ආකාරයට විවිධාකාරයේ වංචනික කි‍්‍රයා සිදු කරන බවටයි, ඇයගේ නම විකුණමින් මෙම වංචා සිදු කරන බවට මේ වාර්තා වී තිබෙනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!