” හොර ගෑණුන්ට ගෙවල් දොරවල් හදලා දුන්නා-ගෑනු ප්‍රශ්න නිසා එල්ලිලා මැරුණා”

” හොර ගෑණුන්ට ගෙවල් දොරවල් හදලා දුන්නා-ගෑනු ප්‍රශ්න නිසා එල්ලිලා මැරුණා”

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

හෙයියන්තුඩුවේ සූසීමා, තිස් තුන් හැවිරිදි අවිවාහක තරුණියකි. ඇගේ අම්මා කමලාය.නැගණිය සේපාලිය. සූසීමාටත් සේපාලිටත් විවාහයක් හරි යන්නේ නැත.එයින් කමලා නිතර පසුතැවිල්ලට පත්ව සුසුම් හෙලන්නීය. ඊට අමතරව නිවසේ අසාමාන්‍ය දේවල් ද සිද්ධ වෙන්නට විය.පවුලේ තුන් දෙනා අතර නිතර මත ගැටුම් අමනාපකම් සිත් තැවුල් ඇති විය. ගෙදර හදන කෑම බීම ඉතා ඉක්මනින් නරක් වෙන්නට විය. කලින් යමක් කමක් ඇතිව ජීවත් වූ මේ අය දැන් නැති බැරිකම්වලට ද මුහුණ පා සිටිති. ඔවුන් ජීවිතය ගැටගසා ගත්තේ කමලාට ලැබෙන විශ්‍රාම වැටුපෙනි.මේ තත්ත්වයෙන් මිදෙන්නට විවිධ වත් පිළවෙත් කළත් ඒවායෙන් සහනයක් නොවූ හෙයින් අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන කමලාත් සුසීමාත් පැමිණියහ.
ප්‍රථම ගවේෂණයේදී ම මවත් දුවත් ගැහෙන්නට වූහ. එදින ඉන් එහා දෙයක් නොවු හෙයින් දින දහ හතරක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා පවුලේ තුන් දෙනාටම ඊළඟ දිනයට පැමිණෙන ලෙස ගවේෂකවරයා උපදෙස් දුන්නේය.ඔවුන්ටත් නිවසටත් බලපෑ භූතාත්මය නම්‍යශීලී වන තුරු ඔවුන්ට තුන් හතර වතාවක්ම ගවේෂකවරයා සොයා පැමිණෙන්නට සිදු විය.පස්වැනි දිනයේ පැමිණි විට කමලාගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී කෙඳිරි ගාන්නට විය. භූතාවිශ්ට වූ කමලාට ශක්ති කිරණ එල්ල කළ ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”“මම මේ දරුවන්ගේ තාත්තා”භූතාත්මය කීවේය.“මොකක්ද නම?”“සුමිත්”“කොයි කාලෙද මැරුණේ?”“අවුරුදු දහයකට විතර කලියෙන්”මොනවා වෙලාද මැරුණේ?”
“එල්ලිලා. බෙල්ලේ වැල දාගෙන.”“අනේ! අනේ! ඒ මොකද? මේ වටිනා මිනිස් ජීවිතයක් නැති කර ගත්තේ?”“බිස්නස් වැටුණා.”“මොනවාද කරපු බිස්නස්?”“ගෘහ භාණ්ඩ වෙළදාම”“ඇයි බිස්නස් වැටෙන්න හේතුව?”“ස්ත්‍රී ඇසුර. අතේ සල්ලි ගැවසෙන කොට ගෑනු කාන්දමට වගේ මගේ ළඟට ඇදිලා ආවා මහත්තයා. මම ඒ කාලෙ ගෑනු හය දෙනෙක් ආශ්‍රය කළා. ඒ අයට අත දිග ඇරලා වියදම් කළා.යන්න කියා තම ජිවිතේ බොහෝ කරුණු කරනා අකුරක් පාසා හෙළි කළේය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!