“හොරු අල්ලන ඇමතිකම මට දෙන්න…” – රංජන්

“හොරු අල්ලන ඇමතිකම මට දෙන්න…” – රංජන්

Spread the love
  •  
  •  
  •  
  •  

නව රජය යටතේ හොරු ඇල්ලිය හැකි අමාත්‍යාංශයක් තමාට ලබා දෙන්නේ නම් තමන් අතිශයින් සතුටට පත්වන බව මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වූ රංජන් රාමනායක පවසයි.ඔහු පැවසුවේ ,
හිටපු මහ ඇමතිවරුන් සහ කෝටි 17,20 වියදම් කල අපේක්ෂකයන් සමග තරග කර ලැබු විශාල ජයග්‍රහණය පිළිබද ඉතාම සන්තෝෂ වෙනවා.අනෙක් අපේක්ෂකයන් කෝටි ගණන් වියදම් කරද්දි මම ඡන්ද කටයුතු සදහා වියදම් කලේ කෝටි 03ක් වැනි සුළු මුදලක් විතරයි.එවැනි පසුබිමකදී වුවත් දිවුලපිටිය ජනතාව දෙලක්ෂ දහසය දහසක් වැනි විශාල මනාප ප්‍රමාණයක් මට ලබා දුන්නා.
එය ලැබුණේ මැද පෙරදිග දුක් විදින ගෘහ සේවිකාවන් ඇතුළු මෙරට ජනතාව වෙනුවෙන් මම නගපු හඩට සැලකීමක් ලෙස කියායි මට හිතෙන්නේ .එලෙස සැලකු දිවුලපිටිය ජනතාව මෙරට ජනතාව වෙනුවෙන් වැඩ කල හැකි අමාත්‍යාංශයක් මම බලාපොරොත්තු වෙනවා.හොරු අල්ලන අමාත්‍යාංශයක් මට ලබා දෙනවා නම් මට වඩාත් සතුටුයි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!