“හෙදියන්ගේ වර්ජනය අසාර්ථකයි…” – පිරිමි නර්ස් ගෙන් හෙළි කිරීමක්

“හෙදියන්ගේ වර්ජනය අසාර්ථකයි…” – පිරිමි නර්ස් ගෙන් හෙළි කිරීමක්

Spread the love
  •  
  •  
  •  
  •  

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සියයට අසූවක්‌ පමණ අසාර්ථක යෑයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය.
මෙම වර්ජනය සඳහා පේරාදෙණිය මහ රෝහලේ හෙදියන් දෙදෙනකු පමණක්‌ එක්‌ වී ඇති බවත් අනෙකුත් රෝහල්වලද තත්ත්වය එලෙසම බවත් හෙතෙම කියා සිටියේය.
ඊනියා වර්ජනය සඳහා එක්‌ නොවූ සියලු හෙද හෙදියන්ට සිය සංගමයේ ප්‍රණාමය පුද කරන බවත් පැවැසූ රත්නප්‍රිය මහතා රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සැබෑ තත්ත්වය මෙම වර්ජනය තුළින් රටට හෙළි වූ බවත් කියා සිටියේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!