හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ විස්තර හෙළිවෙයි

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ විස්තර හෙළිවෙයි

Spread the love
  • 295
  •  
  •  
  •  
    295
    Shares

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සැක කටයුතු සෞදි අරාබියානු ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් තිදෙනෙකු හෝටලයකින් ඉවත්කරගන්නා CCTV දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමගම සමාජය තුල ආන්දෝලනයක් ඇතිවී තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සඳහන් කර සිටියේ ඔවුන් ආයෝජකයන් පිරිසක් බවයි. කෙසේ වෙතත් සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක R457940 හිමි 1973 ඔක්තෝබර් 23 දින උපන් මොහොමඩ් ඊබ්‍රහිම් (ALKHODIRI MOHAMMED IBRAHIM) යන පුද්ගලයා 2015 සැප්තැම්බර් 01 වනදා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයෙන් 2017 මාර්තු 29 දින, 2017 නොවැම්බර් 01 දින සහ 2019 අප්‍රේල් 18 වන දින ලංකාවට පැමිණ ඇත. පසුගිය වර්ෂ කිහිපය තුල තෙවරක් ලංකාවට පැමිණ ඇති ඔහු විසින් මෙරට තුල සිදු කළ කිසිදු ආයෝජනයක් හෙළිකිරීමට හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා අසමත් වී ඇත.මොහොමඩ් ඊබ්‍රහිම් (ALKHODIRI MOHAMMED IBRAHIM) යන පුද්ගලයා පිළිබඳව පොලීසිය විමර්ශන සිදුකරන්නේනම්, මොහු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකට සම්බන්ධ ඊබ්‍රහිම් සොහොයුරන්ට නෑකම් කියන පුද්ගලයෙක්ද යන්න වහා සොයා බැලිය යුතුව ඇත. එමෙන්ම මොහු සෞදි අරාබියානු පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලංකිකයෙකුද යන්න පිළිබඳවද විශාල සැකයක් ජනතාව තුල මතුව ඇත.

(Visited 1,062 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!