හිරුණිකා එළවා දමන්නැයි ඉල්ලා නඩුවක් ගොනු කරයි…

හිරුණිකා එළවා දමන්නැයි ඉල්ලා නඩුවක් ගොනු කරයි…

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඇගේ දේශපාලන කාර්යාලය පවත්වාගෙන යමින් නීති විරෝධිව භුක්‌ති විඳින කොලොන්නාවේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලෙන් ඇය නෙරපා හැර එහි හිමිකාරිත්වය තමන්ට යළි පවරා දෙන ලෙස ඉල්ලා එම ගොඩනැඟිල්ලේ හිමිකරුවන් විසින් ගොනුකර ඇති නඩුව විභාගයට දින නියම කිරීමට ලබන මාර්තු 29 වැනිදා කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මිය ඊයේ (06 දා) නියෝග කළාය.
2015.08.01 සිට විත්තිකාරියන් විෂයගත දේපළෙහි අපචාරින් ලෙස (හිමිකරුවන්ගේ නිසි අවසරයකින් තොරව) රැඳී සිටීම නිසා තමන්ට බරපතල මූල්‍යමය හානි හා පාඩු සිදුවන බැවින් මසකට රුපියල් 50,000 බැගින් ගෙවන ලෙසට වගඋත්තරකාරියන්ට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ නඩුවක්‌ කැඳවූ අවස්‌ථාවේදී අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.
කොළොන්නාවේ පදිංචි රොහාන් වික්‍රම දෙලපලගේ හා රුවන් විඡේසේකර යන මහත්වරුන් විසින් නීතිඥ ප්‍රියදර්ශනී වීරසේකර මහත්මිය මගින් ගොනු කර තිබූ එම නඩුවේ වගඋත්තර කාරියන් ලෙස භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නම් කොට තිබුණි. තමන් විෂයගත දේපළෙහි සම හිමිකරුවන් බවත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් කරන ලද ඉල්ලීමක්‌ අනුව 2011 අප්‍රේල් මස හෝ ඊට ආසන්න දිනකදී හය මසක කාලයකට ඔහුගේ කාර්යාලයක්‌ පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ල ඔහුට ලබාදුන් බවත් පෙත්සම්කරුවෝ කියති. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්‌වීමෙන් පසුව පළමු වන විත්තිකාර සුමනා ප්‍රේමචන්ද්‍ර තමන්ගේ කිසිදු අනු දැනුමකින් හෝ අවසරයකින් තොරව දෙවන විත්තිකාරියගේ දේශපාලන කටයුතු සඳහා කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට 2014.02.08 දින ඉඩදී ඇති බවත් පෙත්සමේ පෙන්වා දී තිබුණි.

(Visited 7 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!