හිටපු මුදල් ඇමති රවී අත්අඩංගුවට ?

හිටපු මුදල් ඇමති රවී අත්අඩංගුවට ?

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවෙයි.
රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටියදී තීරු බදු රහිතව වාහන 200ක් මුදාහැරීමේ සිද්ධිය පාදක කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි අප වෙත වාර්තා වූයේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2016 ඔක්තෝම්බර් 06 වැනිදා සිය විමර්ශන CRS/24/2016 යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීම සඳහා යොමුකර තිබූ අතර ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය 2720/16 යටතේ නඩුවක් ගොනු කර තිබේ.
මෙම පසුබිමට යටත්ව නීතිපතිවරයාගේ උපදෙස් මත රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදමින් ඇත.

(Visited 113 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!