හිටපු ජනපති මහින්ද නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා, ඒ හරහා සැලැසුම්, සහගතව ඉදිරි
මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් තීරණය කර තිබේ.  දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ හිතවාදී ජේ‍යෂ්ඨයන් පිරිසක් මේ පිළිබඳ සාකච්ඡා රැසක් පවත්වා ඇතැයි දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් හිටපු ජනාධිපතිවරයා නිශ්චිත පිළිතුරක් ලබාදී නැති අතර පක්ෂයේ බිම් මට්ටම දක්වා මෙම සාකච්ඡාව ගෙනයෑම අදාළ පිරිසේ සැලසුම වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ජේ‍යෂ්ඨයෝ පිරිසක් මේ දිනවල මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක එකමුතු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩී යෑම වැළැක්වීමේ උත්සාහයක යෙදී සිටිති. ඔවුන් ඊට අදාළ සාකච්ඡා පවත්වමින් සිටින අතර පළාත් සභා මැති ඇමැතිවරුන්ගේ සහයෝගය මේ සඳහා ලබා ගැනීමේ විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පණ්ඩුක දිසානායක

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!