හිටපු ජනපති මහින්දගෙන් ඒකාබද්ධ මන්ත්‍රීන්ට දැඩි නියෝගයක්…!

හිටපු ජනපති මහින්දගෙන් ඒකාබද්ධ මන්ත්‍රීන්ට දැඩි නියෝගයක්…!

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිතිපතා පාර්ලිමේන්තු පැමිණිය යුතුයැයි උපදෙස් ලබාදීමට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ තිබේ.ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් දිනකදී හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට තිබෙන වැදගත්ම ස්ථානය පාර්ලිමේන්තුව බවයි.සෑම පාර්ලිමේන්තු දිනකදීම මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී තමන්ගේ කණ්ඩායමට වැරදුණු අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුව අමතක කිරීම සැලකිය හැකියැයි සඳහන් කර තිබේ.ඉදිරියේදී එවැනි දුර්වලකම් හඳුනාගෙන නිවැරදි විය යුතු බවත්,මේ සම්බන්ධව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!