“හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයිට විෂ එන්නත් කළාදැයි වෛද්‍ය පරීක්ෂණයකට සුදානම්” – පී.සත්‍යලිංගම්

“හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයිට විෂ එන්නත් කළාදැයි වෛද්‍ය පරීක්ෂණයකට සුදානම්” – පී.සත්‍යලිංගම්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සමඟ මේ වන විට සාකච්ඡාවට තුනක් පවත්වා ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පැවසුවේය.
පුනුරුත්ථාපන කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරිරගත කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරිමට උතුරු පළාත් සභාව මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව මොවුන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරිමට නියමිත අතර එහිදී ඔවුන්ට විෂ සහිත ඖෂධ එන්නත් කර ඇති බවට පළ වන වාර්තාවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම පමණක් සිදු කරනු ඇත.
පුනුරුත්ථාපනය වීමෙන් පසුව මියගිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිළිබඳ තොරතුරු සොයා බලා ඒ පිළිබඳ ප්‍රථමයෙන් පරික්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් උතුරු පළාතේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ පළාත් මට්ටමින් පමණක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර රජයේ රෝහල්වල පහසුකම් නැති අවස්ථාවලදී මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා සඳහන් කළේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!