හිටපු අමාත්‍ය අස්වර් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අස්වර් අභාවප්‍රාප්ත වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු අමාත්‍යවරයෙකු වූ ඒ.එච්.එම් අස්වර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද(29) පස්වරුවේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය.
මිය යන විට ඒ මහතා 80 වෙනි වියේ පසුවිය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
එමෙන්ම පසු ගිය සති දෙකක කාලය තුළදීද ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගනිමින් සිට ඇති බව වාර්තා වෙයි.
මේ අතර ඒ මහතාගේ දේහය අද රාත්‍රියේ දෙහිවල, අංක 04, බාතිය මාවත, 4 වෙනි පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිත බව සඳහන්ය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!