හිටංගෙන් තෑග්ගක්,,VPN හරහා ෆේස්බුක් ගිය ලක්ෂ ගානක පරිශීලකයන් දැඩි අනතුරක

හිටංගෙන් තෑග්ගක්,,VPN හරහා ෆේස්බුක් ගිය ලක්ෂ ගානක පරිශීලකයන් දැඩි අනතුරක

Spread the love
  • 53
  •  
  •  
  •  
    53
    Shares

ජනපති විසින් පසුගිය දිනවල හදිසි නීතිය පනවමින් සමාජ ජාලා වරණය පැනවිය. පසුව උද්ගත වූ තත්වයන් පහව ගියත් එය වාසියක් ලෙස සලකමින් තව දුරටත් විශේෂයෙන්ම මුහුණු පොත වෙත ප්‍රවේශ වීමට ඉඩ ප්‍රස්ථාව අවහිර කිරීමට ගත තීරණයත් සමග බොහෝ තරුණ පිරිස් VPN බාවිතා කරමින් මුහුණු පොතට ප්‍රවේශවිය.මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්දයෙන් නන්දෙසින් පැමිණිලි පැනවීමත් සමගම යලි ක්‍රියාත්මක වූ සමාජ ජාලා ප්‍රවේශය දැන් යතා තත්වයට පත්ව ඇත.
අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළ බව ය.
විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර තිබෙනවා.
මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර මහතා සඳහන් කළා.
තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිත වීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් VPN APP ඉවත් කරන ලෙස ද ඔහු පෙන්වා දෙයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!