හැදෙන සභාග ආණ්ඩුව ගැන හිටපු ජනපතිදුන් ප්‍රථම වරට අදහස් දක්වයි

හැදෙන සභාග ආණ්ඩුව ගැන හිටපු ජනපතිදුන් ප්‍රථම වරට අදහස් දක්වයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

තමන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සිදු වූ සාකච්ඡා පිළිබඳ සමාජගත වී ඇති ඇතැම් මත නිවැරදි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.තමන් මෙම සාකච්ඡා සිදු කළේ අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් ගැලවී යාමට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ. සභාග ආණ්ඩුව පිළිබඳ ප‍්‍රකාශ සිදු කිරීමේදී කල්පනාකාරී වන ලෙස ද සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේදැයි තමන් තීරණය කරන බවද හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් සමග ඊයේ (09) රාත‍්‍රියේ පැවති සාකච්ඡාවේදීය. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායමට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාරට මෙම සාකච්ඡාව සඳහා ඇරයුම් කර තිබී නැහැ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

(Visited 72 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!