“හාමුදුරුවන්ට 40% රෙනෝට 60% ලු…” – ජනතාව මුලාවේ දැමු සර්වඥධාතු මාෆියාව

“හාමුදුරුවන්ට 40% රෙනෝට 60% ලු…” – ජනතාව මුලාවේ දැමු සර්වඥධාතු මාෆියාව

Spread the love
  • 132
  •  
  •  
  •  
    132
    Shares

වසර කිහිපයකම සිට මෙරට සිදුවන ප්‍රමුඛතම ධාතු ප්‍රදර්ශණය හිරු මාධ්‍ය ජාලය විසින් පවත්වනු ලබන “හිරු නිසැක සර්වඥධාතු වන්දනාව” හෙවත් උත්තම ධාතු වන්දනාවයි.වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ ඇතැයි පැවසෙන බුදුරජාණන්වහන්සේගේ සර්වඥ ධාතු මෙලෙස වසරක් පාසා හිරු මාධ්‍ය ආයතන විසින් කුලියට ගනු ලබයි. ගම්වල සිටින නූගත් ගැමියන් වෙත මෙම ධාතු පෙන්වීමෙන් ඔවුන් ඉතාම සංවේදී වන අතර සිය ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් කුට්ටි පිටින් ධාතු මංජුසාව වෙත විසි කිරීම ඉතාම සුලභ කරුණකි. එලෙස විසි කෙරෙන මුදල් සහ රන් ආභරණ වල වටිනාකම එක් වරකදී දළ වශයෙන් රුපියල් කෝටි 4කට (ලක්ෂ 400) වැඩි බව වාර්තා වී ඇත. සුභූති විහාරාධිපති සහ හිරු මාධ්‍යජාලය අතර ඇති ගිවිසුම ප්‍රකාරව 30% විහාරාධිපති හිමියන්ට 10% ධාතු ප්‍රදර්ශන්ය පැවැත්වෙන පන්සලට ලැබෙන අතර 60% හිරු මාධ්‍යජාලය වෙත හිමිය. මේ කිසිම මුදලක් ගිණුම්ගත නොවේ. අනෙකුත් වියදම් කපා හැරිය විටදී උත්තම ධාතු පෙන්වීමෙන් හිරු මාධ්‍ය ජාලය රුපියල් කෝටි 1.5 – 2 අතර ශුද්ධ ලාභයක් උපයන අතර ඊට අමතරව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා “මිහිපිට සිටින ශක්‍ර දේවේන්ද්‍රයා” ලෙස නාමකරණය ලක්කිරීමටද පෙරකී චෞර කල්ලියේ චීවරධාරීන් සැදී පැහැදී සිටියි.හිරු පමණක් නොව මෙරට පැවැත්වෙන බහුතරයක් සර්වඥ ධාතු ප්‍රදර්ශණයකම අමිහිරි සත්‍ය එයයි. මෙය කෙතරම් සාක්ෂි සාධක සහිතව ඔප්පු කලද නූගත් ගැමියන් එය පිළිගැනීමට සූදානම් නැත.වෙසක්, පොසොන් සහ ඇසළ සමයේදී මෙවන් ධාතු ප්‍රදර්ශණ රටේ බොහෝ විහාරස්ථාන වල දැකගත හැකි අතර දත් කැබලි, අස්ථි කැබලි සහ කෙස් කැබලි දැක මිනිසුන් බුදුන් දැකගත්තා හා සමාන බවට පවසමින් කැමරා ඉදිරියේ හඬා වැටෙනු දැකගත හැක.නමුත් බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය ඊට සපුරා වෙනස් වන අතර ඇටකැබලි, දත් කැබලි හෝ කොන්ඩා ගස් ඉදිරියේ වැද වැටෙනු වෙනුවට බුද්ධිමත්ව සසර ගමන කෙටි කරගැනීම සඳහා අවබෝධයෙන් යුතුව හැදෑරිය යුතු දර්ශණයකි.මෙම කරුණු 100% ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන කරුණු වන අතර මින් ඉදිරියට මෙවන් ධාතු ප්‍රදර්ශණ වැඳපුදා ගත්තද ඊට මුදල් හෝ රන් ආභරණ පූජා කිරීමෙන් වළකින ලෙස අප ඔබගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමු.(උපුටා ගැනීමකි)

(Visited 350 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!