හලාවත ජරමරයේ රූපරාමු ලැබෙයි

හලාවත ජරමරයේ රූපරාමු ලැබෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

“උබල හිනා වෙන්නේ අද විතරයි හෙට අඩන්න වෙනවා” මුස්ලිම් තරුණයෙකුගෙ facebook සටහනින් පසු ඇතිවූ හලාවත කලබලය.ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණි කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.මේ වන විට ප්‍රදේශය පුරා සාමය රැකීමට යුද හමුදාව හා පොලිසිය කටයුතු යොදා ඇත.

(Visited 405 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!