හලාවතට ඇඳිරි නීතිය… හමුදාවෙන් අහසට වෙඩි…

හලාවතට ඇඳිරි නීතිය… හමුදාවෙන් අහසට වෙඩි…

Spread the love
  • 32
  •  
  •  
  •  
    32
    Shares

හලාවත ප්‍රදේශයේ Hasmar’s නම් ප්‍රසිද්ධ රෙදි වෙළදසැලේ හිමිකරුගේ පුත්‍රයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ තර්ජනාත්මක පළකිරීමක් හේතුවෙන් හලාවත උණුසුම් තත්වයක් හට ගැණුනි.
කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ හලාවත කතෝලික ජනතාව හැඬවීමට සියල්ල සුදානම් ලෙසය.
මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමට නගරවාසීන් කටයුතු කලද පොලීසිය සුලු සිදුවීමක් යැයි කියා පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්පසු කෝපයට පත්වූ හලාවත නගරවාසීන් කිහිප දෙනෙක් අදාල වෙළදසැලට ගොස් එහි හිමිකරුගේ පුත්‍රයාට මෝටර් බයිසිකල් හෙල්මට් ආදියෙන් පහරදී ඇත.
වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණි පොලීසිය හා යුද හමුදාව අහසට වෙඩි තබා තත්වය පාලනය කර තිබේ.
ඒ අනුව මේවන විට එම රෙඳි කඩයේ සහ එහි හිමිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මෙම සිදුවීමෙන් පසු හලාවතට දැන් පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.

(Visited 246 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!