හමුදා සිවිල් කාර්යමණ්ඩලයේ කාන්තාවක් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වටලයි

හමුදා සිවිල් කාර්යමණ්ඩලයේ කාන්තාවක් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වටලයි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

දියතලාව යුධ හමුදා කඳවුරට නුදුරින් අලුත්ඇළ මාර්ගයේ දෙමහල් නිවසක යුධ හමුදා ආරක්ෂක විද්‍යා පීඨ‍යේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (23) සවස වටලා තිබෙනවා.එම කාන්තාවද, ගණිකා වෘත්තියේ යෙදුන බවට සැක කරන කාන්තාවන් දෙදෙනෙක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බන්ඩාරවෙල පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශය මෙම වැඩලීම සිදු කළා.ගණිකා නිවසය පවත්වාගෙන ගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි වියේ පසුවන්නියක්ය. අනෙක් කාන්තාවන් දෙදෙනා අවුරුදු 17 සහ 46 යන වයස් කාණ්ඩවල පසුවන කඩවත හා ආනමඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන්ය.සැකකාරියන් අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කෙරෙනවා.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!