හමුදාවේ නිදොස්‌ බව සරත් වීරසේකර  මහතා අද [20]ජිනීවා සමුළුවේදී කියයි

හමුදාවේ නිදොස්‌ බව සරත් වීරසේකර මහතා අද [20]ජිනීවා සමුළුවේදී කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

වන්නි මෙහෙයුම දියත් කළ හමුදා නායකයන් නිදොස්‌ බව දක්‌වමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (20 දා) ජිනීවා මානව හිමිකම් සමුළුව අමතනු ඇත.
හෙතෙම මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා හමුවී විදේශ විනිසුරුවන්ගේ වාර්තා හතක්‌ ඇතුළු විමර්ශන වාර්තාව ද භාරදීමට කටයුතු කරයි.
මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ හමුදාවක්‌ වෙනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඉදිරිපත්වී කරුණු දක්‌වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන හෙතෙම කෙටියෙන් මානව හිමිකම් සමුළුව අමතනු ඇත.
රියර් අද්මිරාල්වරයා මානව හිමිකම් සමුළුවේ කලබලයට පත්වී ඇති ඊළාම් ඩයස්‌පෝරාව ස්‌විස්‌ ප්‍රාන්ත කීපයක ඊළාම්වාදීනට පණිවුඩ යවමින් මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.
මේ අතර තමා රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ ලේකම් පාක්‍යසෝති සරවනමුත්තුගේ ප්‍රකාශවලට නිසි ප්‍රතිචාර දක්‌වන බව ද රියර් අද්මිරාල්වරයා පැවසීය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!