හමුදාපති අළුත්ම සතුරෙක් ගැන හෙළිකරයි

හමුදාපති අළුත්ම සතුරෙක් ගැන හෙළිකරයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ඉදිරියේදී මුහුණදීමට සිටින සතුරා පිළිබඳව විශාල අධ්‍යයනයක් කර ඇති බවත් ඊට උචිත පරිදි අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කරන බවත් යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වූ ශ්‍රී  ලංකා යුද හමුදාවේ ආරක්ෂක වැඩපිළිවෙළ ගැන දැනුම් දීමේ අරමුණින් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා තවදුරටත් මෙසේද කීවේය. “සංවිධානාත්මකව ජාත්‍යන්තර ජාලයක් තුළ ක්‍රියාත්මක වන කණ්ඩායමක් පවතින අවස්ථාවක අත්අඩංගුවට ගැනීම් අද පමණක් නොව හෙට පවා සිදුවෙන්න පුළුවන්. මෙවැනි සංවිධානාත්මක ජාලයක් සම්පූර්ණයෙන්ම මර්දනය කළ රටක් ලෝකයේ කොතැනකවත් නැහැ.  ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. අපගේ සම්පූර්ණ බලය යොදා ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී  ලංකා යුද හමුදාව කටයුතු කරනවා යන්නයි.

(Visited 80 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!