හංවැල්ල බියෙන් බීරාන්ත වෙයි-කප්පම් කරුවන්ගෙන් බේරෙන්න වැසියන් දුරකතන ගලවා විසිකරලා දමයි

හංවැල්ල බියෙන් බීරාන්ත වෙයි-කප්පම් කරුවන්ගෙන් බේරෙන්න වැසියන් දුරකතන ගලවා විසිකරලා දමයි

Spread the love
  • 28
  •  
  •  
  •  
    28
    Shares

බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් සහ තවත් සැකකරුවන් වරින් වර දුරකතනයෙන් කප්පම් ඉල්ලීම හේතුවෙන් කප්පම්කරුවන්ගෙන් බේරිම සදහා හංවැල්ල. ඇඹුල්ගමෙ, නවගමුව, රණාල, ආටිගල, ජල්තර යන ප‍්‍රදේශවල නිවෙස් හිමියන් බොහෝ දෙනෙකු සිය නිවාසවල ගෘහස්ථ දුරකතන විසන්ධි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.අංක 0112-415 සිට පටන් ගන්නා දුරකථනවලට මෙලෙස කප්පකරුවන් නිතර නිතර කතා කරන බැවින් එම අංකවලින් පටන් ගන්නා ස්ථාවර දුරකතන රැසක් මෙලෙස විසන්ධි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.කප්පමකරුවන් දුරකතනයෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිලි 8 ක්, හංවැල්ල පොලිසියට පැමිණිලි 13 ක් දැනට ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.  වැලිකන්දේ සුද්දා නමැත්තා බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සිද්ධිය හෙළි කරගෙන ඇත

(Visited 265 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!