සේවය අතහැර ගියා සේ සැලකුවද විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වර්ජනයේ

සේවය අතහැර ගියා සේ සැලකුවද විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වර්ජනයේ

Spread the love
  •  
  •  
  •  
  •  

අද දිනයේ සිට සේවයට වාර්තාකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනධ්‍යන සේවකයින් වෙත කළ දැනුම්දීම ප්‍රතික්ෂේප කර තිබේ.
අද සිය සේවයට වාර්තා නොකරන පරිවාස හා පුහුණු සේවයේ නියුතු සේවකයින් සේවය අතහැරගියා සේ සලකන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ඊයේ දැනුම් දුන්නේය.
කෙසේ වුව ද එවැනි ක්‍රියාමාර්ගයක් හරහා තමන් සේවයට කැඳවා ගැනීමට හැකියාවක් නොමැති බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය 27 වනදා සිට පැවැත්වෙන වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සහ ඊට අනුබද්ධ ආයතනවල අධ්‍යයන කටයුතු බිඳවැටී තිබේ.
මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව විශ්වවිද්‍යාල සිසුන් පැවසුහ.
රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම, වසර 60 දක්වා සේවා දිගුවක් ලබාදීම, වැටුපට සාපේක්ෂව හිලව් දීමනා වැඩි කිරීම අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලීම් අතර වේ.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!