සේයා දියණියගේ ඝාතනයට සම්බන්ධ තවත් සාක්ෂි හමුවෙයි

සේයා දියණියගේ ඝාතනයට සම්බන්ධ තවත් සාක්ෂි හමුවෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

කොටදෙණියාව ප‍්‍රදේශයේ දී ඝාතනයට ලක්වු සේයා සදෙව්මි දැරියගේ සිරුරේ තිබී සොයාගත් කෙස්ගස් දෙකක් සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වන බව පොලිසිය පවසනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ දැරියගේ සිරුර තිබු ස්ථානයේ තිබිය දී තවත් භෞතික සාක්‍ෂි කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සේයා සදෙව්මි දැරිය බරපතල ලෙස ලිංගිකව අපයෝජනය කර ගෙල සිරකර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරික්‍ෂණයේ දී ඊයේ අනාවරණ වුණා. මරණ පරික්‍ෂණ සිදුකෙරුණේ මීගමුව දිසා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රහුල් හක් මහතා ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින්.

මේ අතර සේවා සදෙව්මි දැරියගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, අකරංගහ පොදු සුසාන භූමියේදියි. පස්වරු 02.30ට පමණ අවසන් කටයුතු සිදුකෙරෙන බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!