“සේනා” දළඹුවාට “සමනළ” රජයෙන් දැවැන්ත ප්‍රහාරයක්….. විනාශ කිරීමට කුරුල්ලන් පුහුණු කරයි…

“සේනා” දළඹුවාට “සමනළ” රජයෙන් දැවැන්ත ප්‍රහාරයක්….. විනාශ කිරීමට කුරුල්ලන් පුහුණු කරයි…

Spread the love
  • 6
  •  
  •  
  •  
  •  
    6
    Shares

සේනා දළඹුවා කළ හදියක මහත කොපමණ ද යත්, කෘෂිකර්ම නිලධාරීන්ට දැන් දහසක් වැඩ ගොඩ ගැසී ඇත්තේය. නිවාඩුද අවලංගුය. ඒ මදිවාට විදේශ සංචාර පුහුණු සහ විදෙස් උපදෙස් ලබා ගැනීමට පෙරදා ගිය කෘෂි නිලධාරීන්ගේ දැනුම උරගා බැලීමේ ක‍්‍රමවේදයක්ද යටින් යන්නේය. ඔය අතරේ, එක් එක් නිලධාරීන් තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නේ සේනා දළඹුවා මැඬලන්නටය. හරිම අපූරුය. අපගේ සොබා සම්පත දැන් අරුම පුදුම ලෙස උඩු යටිකුරුව ක‍්‍රියාත්මක වන්නට යන්නේය. දළඹුවන් කිලෝවක් අහවල් මිලකට මිලදී ගන්නට වැඩසටහන් සැකසී ඇති බවද අපි ඇසුවෙමු. ඒ අතර දැන් දැන් ග‍්‍රාමීය ප‍්‍රාදේශීය මට්ටමෙන් තවත් කටයුත්තක් ක‍්‍රියාත්මක වන්නට යන්නේ කෘ.ප.නි.ස. ලාගේද සහාය ඇතිවය. ඒ පක්ෂීන්ට දළඹුවන් කෑමේ රුචිය ඇති කිරීමේ වැඩපිළිවෙළය. කුරුල්ලන් සහ කුකුළන්ට සේනා දළඹුවා ගෙන ගොස් කෑමට දමා රස ට වහ වැටෙන්නට අවැසි පසුබිම සකසන්නට දැන් කෘෂි නිලධාරීන් සූදානමින් සිටින්නෝය. ඒ ඔස්සේ සේනා දළඹු ව්‍යාප්තිය අවම කිරීම අරමුණය. ඒ සඳහා කෘෂි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ආශිර්වාදය ද ඇත්තේය. මේ මොහොතේ සිහිවන්නේ ප‍්‍රසිද්ධ ගී පදයකි. මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න යන්නය. එය වෙනස් කොට දැන් කුරුල්ලන්ට පුරුදු කරමු සේනා දළඹුවෝ කන්න… යැයි කියමු.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!