සෙල්ෆි ගහලා මිනි මරන්න ගිය හොර කල්ලිය මාට්ටු

සෙල්ෆි ගහලා මිනි මරන්න ගිය හොර කල්ලිය මාට්ටු

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියානු කේරල ප්‍රදේශයේ වෙසෙන සාපරාධි කල්ලියක් , සොරකමක් සම්බන්ධයෙන් අල්ලා ගත් තැනැත්තකු හට වද දෙමින් මරා දමන ආකාරය දැක්වෙන ඇ වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය හරහා සැරිසරමින් ඇත.
මෙම තැනැත්තා මරා දැමීමට පෙර වද දෙමින් අතපය ගැට ගසා තිබියදී ඔහු සමග ගත් ත්‍රාසය උපදවන සෙල්ෆි චායාරුප දුටු ඉන්දියානුවන් බියට පත්ව ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ දකුණු ඉන්දීය කේරල පොලිසිය විසින් පොලිසිය විසින් එම සාපරාධි කල්ලියේ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම කල්ලියේ ගොදුරක් බවට පත් තැනැත්තා කේරලයේ පදිංචි ගෝත්‍රික ජන සමූහයක සාමාජිකයෙකි.
එම මනුෂ්‍ය ඝාතනයට හවුල් සෙසු පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා ක්‍රියාන්විත මෙහෙයුමක් පෙරට යමින් ඇති බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර ඇත.
“පහරදීම නතර කිරීමට පොලිසිය සමත් වුනා. ඒ වගේම ‘මධු’ නමැති එම ගෝත්‍රික තරුණයා වහාම රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පෙරම ඔහු මරණයට පත් වුණා” -ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ප්‍රතීෂ් කුමාර් මේ පිළිබද අදහස් දක්වා ඇත.
තරුණයාට වධ දෙන ආකාරය ‘ග්‍රැෆික්’ දර්ශන සහිතව පෙන්නුම් කෙරෙමින් තිබියදී කේරළය පුරා එම අපරාධයට එරෙහිව මහජන හඬක් අවදි වී ඇත.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!