සුළුතරයේ බහුතරයකින් හා බහුතරයේ සුළුතරයකින් ජනාධිපති වුන සිරිසේනගේ කාල බෝම්බය පුපුරන්න ආසන්නයි

සුළුතරයේ බහුතරයකින් හා බහුතරයේ සුළුතරයකින් ජනාධිපති වුන සිරිසේනගේ කාල බෝම්බය පුපුරන්න ආසන්නයි

Spread the love
  •  
  •  
  •  
  •  

කාල බෝම්බයක වේලා කටුව සිය ගමනාන්තය දක්වා යුහු ව ගමන් කරමින් තිබේ. කෙනෙකු අනේක තර්ක දමා අන් ලෙස පෙන්වීමට උත්සාහ කළ ද මෛත්‍රීපාල මහතා ජනපති ලෙස පත් වූයේ සුළුතරයේ බහුතරයකින් හා බහුතරයේ සුළුතරයකින් ය. මෙම දේශපාලන විඤ්ඤානය දැන් ශ්‍රී ලංකාවේ ගම් නියං ගම් සිසාර ජන මනස්වල තිර ලෙස ස්ථාපිත ව තිබේ. සිංහලයා පමණක් නොව දමිළයා හා මුසල්මානුවා ද මෙය හොඳාකාරව දැනගෙන සිටිනවා මතු නොව මනා කොට උච්චාරණය ද කර තිබෙන මතයකි. ප්‍රතිඵලය වූයේ දිනෙන් දින බහුතරයේ බහුතරය තුළ වැඩෙන කර්කෂ අතෘප්තියකි.
මෛත්‍රීපාල ජනපතිවරයා ඉහත තත්වයට මුහුණ දුන්නේ ප්‍රශ්නය සමනය වන ලෙස නම් නොවේ. තමා බලයට පත් කිරීමට එරෙහි වූවන්ගේ පක්‍ෂය වන ශ්‍රිලනිපය ප්‍රාණ ඇපයට ගැනීමට ඔහු ඉක්මන් වීම අදූරදර්ශී දේශපාලන තීණ්දුවකි. එය ලක්‍ෂ 58ක ජනතාවකගේ සිතුම් පැතුම් බෝතලයකට දමා මූඩීය වැසීමක් බඳු විය. ශ්‍රිලනිපයා සිතුවේ දැන් තමාට ජයග්‍රහණය පමණක් නොව පක්‍ෂය ද අහිමි බව ය.යුද්ධයක් කරන අතර තුර ඔබගේ සේනාංකයේ අණදෙන නිලධාරී තනතුර සතුරු සේනාංකයේ අණ දෙන්නාට ලබා දීමේ අවස්ථාවක් ගැන සිතන්න. තත්වය එතරම් ම බැරෑරුම් ය. පරාජය වූයේ එසේ මෙසේ නායකයෙකු ද නොවේ. නිදහසින් පසු මෙරටට විශාලත ම මෙහෙය කළ තැනැත්තා ය. ත්‍රස්තවාදියා හමුවේ දණ නම්වා තිබූ රටක් නැගිට්ට වූ නායකයා ය.
ඉහත තත්වය වත්මන් රජය නොදන්නා තත්වයක් නොවේ. එහෙත් හැසිරෙන්නේ එසේ නොදන්නා පරිදි ය. මහින්ද රාජපක්‍ෂ පරාජය වූ දා සිට මේ දක්වා ලංකාවේ බහුතරය සංසි‍ෙඳෙන වචන පුළුටක් ජනපතිවරයාගෙන් පිට වූයේ නැත. එවන් පසුබිමක කරන හා ගන්නා බොහෝ තීරණයන්ගෙන් පෙනී යන්නේ බහුතරයේ හැඟීම් පාරවන උත්සාහයන් ය. රජයේ කොටස්කාර දමිළ හා මුස්ලිම් දේශපලකයින්ගේ ජාතිවාදී ප්‍රකාශ, (අසාද් සාලි, විග්නේශවරන්, ශ්‍රී ධරන්, ආනන්දි ශෂිදරන්) උතුරේ ආරක්‍ෂක තත්වය පිළිබඳ ආණ්ඩුව ගන්නා පියවර, ජාතික ගීය දමිළ බසින් ද ගැයීමේ තීරණය, 19 වැනි සංශෝධනය හරහා බහුතරයේ ඡන්ද බලයට වෙට්ටු දැමීම, ඍජු ඉන්දීය මැදිහත්වීම, මහින්ද හා ගෝඨාභයට කරන අපහාස, රටේ යුධ විරුවන් පිළිබඳ අභද්‍ර භික්‍ෂූන්ගේ මුග්ධ ප්‍රකාශ වැනි සියල්ල බෝතලය තුල සිර කොට සිටින අති විශාල ජනතාව වෙත කරන මිරිස් කුඩු ප්‍රහාරයන් ය. මේ සියල්ල සිදුවන්නේ රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ඇඟ කිළිපොලා යන අසුභ කතා ඇසෙන පසුබිමක ය. සැනසුම් මගක් ඇත්තේ ම නැත.
මෙම ජන කාල බෝම්බ පිපුරුම වැළකිය හැකි ය. මෛත්‍රීපාල ජනපතිවරයා මහින්ද සමග දේශපාලන සංහිඳියාවකට යෑමෙන් මෙහා ඊට විසඳුම් නැත. මහින්ද ශ්‍රිලපනිප අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම එහි පළමු පියවරයි. එපමණකින් ම සමීකරණය විස‍‍ඳේ. එවිට පමණක් ම මෙරට සුළුතරයට ද බහුතරයට ද තමා මෙරට දේශපාලන බලය තුළ නියෝජනය වනවා පෙනෙනු ඇත. මේ යථාර්ථයට මුහුණ දීමේ කාලයයි.

– මහින්ද පතිරණ
[sexypoll id=”10″]
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!