“සුවඳ හමන මල් වට්ටියක් වැනි එ.ජා.ප රජයක් බිහිකරනවා..” – රනිල්

“සුවඳ හමන මල් වට්ටියක් වැනි එ.ජා.ප රජයක් බිහිකරනවා..” – රනිල්

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‌ෂ මහතා සමග සිටින හොරු මුට්‌ටිය වෙනුවට අගෝස්‌තු 17 වැනි දා සුවඳ හමන විවිධ වර්ණයෙන් යුත් මල් වට්‌ටියක්‌ බඳු එක්‌සත් ජාතික පෙරමුණේ රජයක්‌ පත් කර ගැනීමට ජනතාව ක්‍රියා කරන බව තමන්ට විශ්වාස යෑයි එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා (01) බණ්‌ඩාරවෙල, වැලිමඩ, ඌව-පරණගම, පස්‌සර, බිබිල සහ හපුතලේ යන ප්‍රදේශවල පැවැති ජන රැලි අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සහ එක්‌සත් ජනතා සන්ධානයට ජයග්‍ර්‍රහණය කරවිය හැකි අපේක්‌ෂකයෙක්‌ සොයා ගැනීමට නොහැකි වෙලා. එම පක්‌ෂය ජයග්‍ර්‍රහණය කරවිය හැකි එකම පුද්ගලයා වන්නේ ඉකුත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත්ව අද රටේ ජනාධිපති ධුරය දරන මෛත්‍රීපාල සිරිසේන මහතාය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!