සුපිරි නළු සල්මාන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක්

සුපිරි නළු සල්මාන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

වසර විස්සකට පෙර දුර්ලභ ගණයේ කළු ගෝන්නු දෙදෙනෙක් දඩයම් කළ වරදට බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක් ඉන්දියානු අධිකරණයක් විසින් නියම කරනු ලැබ ඇත.
ඊට අමතරව ඔහුට ඉන්දියානු රුපියල් දසදහසක දඩයක් නියම කිරීමට ද ‘ජෝද්පූර්’ උසාවිය කටයුතු කර ඇත. එම දඬුවම් නියම කිරීමෙන් පසු සල්මන් ඛාන්ව බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුණි.
සල්මාන්,1998 දී රාජස්ථාන් ප්‍රාන්තයෙහි රූ ගත කිරීමක් අතරතුර ‘බ්ලැක්බක්ස් (Blackbucks)’ ලෙස හඳුන්වන සංරක්ෂිත කළු ගෝනුන් දෙදෙනෙකු මරා දමා ඇති බව ඔහුට එරෙහි චෝදනා මගින් කියැවුනි.
එම අපරාධයට සම්බන්ධ යැයි සැක කළ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් එම චෝදනාවලින් නිදහස් කර ඇත.
පනස් දෙහැවිදිරි වියේ පසුවන සල්මාන්ට අධිකරණ තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය.
නමුත් ඔහුට දින කීපයක් බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදු වනු ඇතැයි වාර්තා වෙයි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!