සුපිරි ක‍්‍රිඩක මහේල පසුකරමින් කුසල් වාර්තා පොත් අලුතෙන්ම ලියයි..

සුපිරි ක‍්‍රිඩක මහේල පසුකරමින් කුසල් වාර්තා පොත් අලුතෙන්ම ලියයි..

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

සංචාරක දකුණු අප‍්‍රිකානු කන්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගයේදී ටෙස්ට් ලකුනු 2000ක් රැස් කළ ලාබාලතම ශ‍්‍රී ලංකා පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථකම පිතිකරුවා ලෙස වර්තාමානයේ හදුන්වාදිය හැකි කුසල් මෙන්ඩිස් සිය 2000 වැනි ලකුණ රැුස් කරන විට ඔහුගේ වයස ලෙස සටහන් වූයේ අවුරුදු 23යි මාස 05යි දින10කි.මීට පෙර මෙම වාර්තාව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක‍්‍රිඩක මහේල ජයවර්ධන හට හිමිව තිබු අතර ජයවර්ධන ලකුනු 2000 සම්පුර්ණ කළේ අවුරුදු 23යි,මාස 09යි දින 17කිනි.මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග 28කට ක‍්‍රීඩා කර ඇති කුසල් මෙන්ඩිස් අර්ධ ශතක 06ක් හා ශතක 05ක් රැුස් කරගෙන සිටින අත ඔහුගේ පිිතිකරණ සාමාන්‍ය ලෙස දැක්වෙන්නේ 38.4ක් ලෙසයි.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!