සුපිරි ක්‍රිකට් තරුව බුදු පිළිමයකට නිගා කරයි…!

සුපිරි ක්‍රිකට් තරුව බුදු පිළිමයකට නිගා කරයි…!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පලකළ අමුතුම ඡායාරූපයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.එහි දැක්වෙන්නේ දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩේල් ස්ටේන් බුදු පිළිමයකට පිටුපා ඉඳගෙන සිටින ආකාරයයි.ඔහු එම ඡායාරූපය ගෙන ඇත්තේ බාලි දූපතේ දිය යට ඇති බුද්ධ ප්‍රතිමාවක් අසල කිමිදුමෙහි යෙදෙමින්.කෙසේ වෙතත් මෙලෙස බුදු පිළිමයකට පිටුපාමින් ලබාගත් එම ඡායාරූපය Chilling with my Buddha’s යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුනා.එම ඡායරූපයට බොහෝ පිරිසක් අදහස් පළකර තිබූ අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙය අයහපත් ක්‍රියාවක් බවයි.ඇතැමුන් ඔහුට බැනවදිමින් අදහස් පළකර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ එම ක්‍රියාව හේතුවෙන් බොහෝ රසිකයන් පිරිසක් ඔහුට අහිමිවනු ඇති බවයි.බොහෝ පිරිසක් පවසා තිබුනේ ඔබ සියලු ආගම්වලට ගරු කිරීමට ඉගෙනගතයුතු බවයි.

(Visited 96 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!