සුදු තරුණිය 4 වතාවක් දුෂණය කල ලංකාවේ ක්‍රිකට් ශුරයා වසර 12ක් එංගලන්ත සිරගෙට

සුදු තරුණිය 4 වතාවක් දුෂණය කල ලංකාවේ ක්‍රිකට් ශුරයා වසර 12ක් එංගලන්ත සිරගෙට

Spread the love
  • 71
  •  
  •  
  •  
    71
    Shares

අගම්පොඩි හේෂාන් අනුක්‌ ද සොයිසා පුංචි කාලයේ සිටම අමුතු ලෝකයක ජීවත් වූ කෙනෙකි. ඔහුගේ ලෝකය තුළ වූයේ නැව්, ප්ලේන්, සබ්මැරීන්, යුද ටැංකි, මිනී මරුවන් සහ ධනවත් මිනිසුන් ය.
ඔහු උපන්නේ සීදුවේ උදම්මිටය. ඔහු අධ්‍යාපනය ලද්දේ ක¹නේ කීර්තිමත් පාසලකින් ය. ඔහුගේ මාපියෝ අතිශය වැදගත් මිනිස්‌සු වූහ.
අනුක්‌ හේෂාන් කුඩා දරුවකුව සිටියදී තමා සැරිසැරූ මනඃකල්පිත ලෝකය සෙස්‌සන්ට දුන්නේ මෙසේය. ” අපේ තාත්තා ඇමරිකන් ජනාධිපතිගේ යාළුවෙක්‌. අපේ තාත්තට පුළුවන් ප්ලේන්වල නැගල ගිහින් එක එක රටවලට බෝම්බ දාන්න……”
මෙවැනි ස්‌වරූප දිගින් දිගට පෙන්නුම් කරන දරුවන් හැඳින්වීමට මනෝ වෛද්‍යවරුන් විසින් යොදන යෙදුමක්‌ තිබේ. ඒ වූ කලි අසාමාන්‍ය පෞරුෂ ලක්‍ෂණ සහිත දරුවන් යන්නය.
අසාමාන්‍ය පෞරුෂය යනු දිගින් දිගටම පැවතුණොත් හිරේ විලංගුවේ වැටෙන මානසික තත්ත්වයකි. එහෙමත් නැත්නම් එල්ලුම් ගස්‌ යන මානසික මට්‌ටමකි. එක්‌දහස්‌ අටසිය අසූ අටේ සීතල රාත්‍රි කාලවලදී නැගෙනහිර ලන්ඩනයේ අඳුරු පාරවල් දිගේ යමින් ගණිකාවන් සංහාරය කළ සීරියල් කිලර් කෙනෙකු හෙවත් එක දිගට මිනී මරන්නෙකු වූ ජැක්‌ ද රිපර් නමැති මිනීමරු සල්ලාලයා ද අසාමාන්‍ය පෞරුෂය හෙවත් Abnormal Personality නමැති රෝගයෙන් පෙළුන අයෙකි. ලේ බැලීම සඳහා විකෘති ආසාවකින් පෙළුණ හෙතෙම සියලුම ගණිකාවන් මරණ ලද්දේ තියුණු පිහියකින් කැපීමෙනි. ගණිකාවන්ගේ සිරුරු පසාරු කරගෙන ගිය ඒ පිහි පහරවලින් හෙළි වූයේ ජැක්‌ ද රිපර් ශල්‍ය වෛද්‍යවරයකු බවය. ඔහු කවදාවත් පොලිසියට හසු නොවූ බව ප්‍රසිද්ධ මතයයි. ඔහු පිළිබඳ අප්‍රසිද්ධ මතයක්‌ ද තිබේ. එනම් ඔහු වංශවත් පවුලක උන්මත්තක ශල්‍ය වෛද්‍යවරයකු බවත්, ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය ඔහු රහසේ අත්අඩංගුවට ගෙන උන්මත්තකාගාරයක රඳවන ලද බවත්, ඔහු එහිදී මිය ගිය බවත්ය.
කෙසේ හෝ වේවා දැන් අපි නැවතත් අගම්පොඩි හේෂාන් අනුක්‌ ද සොයිසා දෙස හැරෙමු.
අනුක්‌ හේෂාන් උපන්නේ 1983 දී ය. ඔහු දීප්තිමත් ශිෂ්‍යයෙකි. නව වැනි පන්තියට සමත් වීමෙන් පසු ඔහුගේ මාපියෝ ඔහු ක¹නේ පාසලින් ඉවත් කර වත්තල පිහිටි ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළහ. ශ්‍රී ලංකාවේදී ලන්ඩන් ඕ ලෙවෙල් සහ ලන්ඩන් ඒ ලෙවල් යන විභාග සමත් වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ මැන්චෙස්‌ටර් මෙට්‌රොපොලිටන් සරසවියට යවනු ලබන්නේය. ඒ සඳහා ඔහුට ප්‍රමාණවත් විභාග ප්‍රතිඵල තිබිණි. ඔහු ලන්ඩන් ඕ ලෙවල් විභාගයේදී විෂයයන් 9 ක්‌ ඒ සාමාර්ථ 2 ක්‌, බී. සාමාර්ථ 3 ක්‌ සහ සී. සාමාර්ථ තුනක්‌ ලැබ සිටියේය. ඔහුට ඒ ලැබී තිබුණේ ආගම සහ ඉංග්‍රීසි භාෂාවටය. ගණිතයට බී ලැබිණ. භාෂාවට සහ සිංහල සාහිත්‍යයට සී ලැබී තිබිණ . (ජාත්‍යන්තර පාසල්වල දෙවන බස ලෙස සිංහල උගන්වනු ලැබේ) අනුක්‌ගේ ලන්ඩන් ඒ ලෙවෙල් ප්‍රතිඵල මෙසේය. පරිගණක තාක්‍ෂණය ඩී. ගණිතය Eය. විදේශ විශ්වවිද්‍යාල සිසුන් ගන්නේ ඕ ලෙවල් ප්‍රතිඵල සහ මුදල් මතය. ඒ අනුව අගම්පොඩි අනුක්‌ හේෂාන් සොයිසා වසර 2010 වන විට එංගලන්තය බලා ගියේය.
අනුක්‌ හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි. ක¹නේ පාසලේදී ඔහු 2003 – 2009 දක්‌වා පාසල් ක්‍රිකට්‌ කණ්‌ඩායම්වල සිටියේය. ජාත්‍යන්තර පාසලේදී ඔහු ක්‍රිකට්‌ ශූරයකු විය. වසර 2010 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට්‌ තරගාවලියේ ශූරයා ඔහුය. එහෙත් එංගලන්තයට ගිය පසු ඔහුගේ ක්‍රීඩා උනන්දුව වෙනත් පැත්තකට යොමු විය. ඔහු වැඩිපුර ඇදී ගියේ පැසි පන්දු, පාපන්දු, රගර් සහ ටෙනිස්‌ වෙතය. ඒ අතර ඔහුගේ හද බැඳගත් තවත් ක්‍රීඩාවක්‌ විය. ඒ වූ කලී කාර් රේස්‌ යැමය. විශ්වවිද්‍යාලයේ සිටියදී ම පරණ කාර් සහ මෝටර් සයිකල් මිලට ගත් ඔහු ඒවා නවීකරණය කර පරිහරණය කළේය.
2010 දී එංගලන්තයට ගිය පසු අනුක්‌ ගැන විශේෂ යමක්‌ වාර්තා වන්නේ 2018 මාර්තු මාසයේදී ය. ඒ ලන්ඩනයේ උසාවියක විනිසුරු වූ මාටින් රුත්ලන්ඩ් විසින් දෙන ලද නඩු තීන්දුවක්‌ සමඟය. තීන්දුව දෙන ලද්දේ අනුක්‌ ද සොයිසාට විරුද්ධවය. තරුණියක සිව් වතාවක්‌ දූෂණය කර ඇගේ හිසට රූපවාහිනියකින් ගසා තුවාල සිදු කිරීම නිසා විනිසුරුතුමා ඔහුට අවුරුදු 12 ක සිර දඬුවමක්‌ ලබා දී දඬුවම නිම වූ වහාම ඔහු ලංකාවට පිටුවහල් කරන ලෙස නියෝග කළේය.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අනුක්‌ විසින් දූෂණය කරන ලද්දේ සුදු ජාතික තරුණියකි. ඔහු ඇයට අතවර කළේ ලිවර්පුල් නගරයේ හෝටල් කාමරයකට ගෙන ගොස්‌ ය. තමා සමඟ හෝටල් කාමරයකට යැමට එන ලෙස අනුක්‌ විසින් පවසන ලද මුල් දිනයේ ම ඇය එයට විරුද්ධ විය. එවිට ඔහු ඇයට මෙසේ තර්ජනය කළේය. “තමුසෙ දන්නවද මම සීරියල් කිලර් කෙනෙක්‌ බව? මම 37 දෙනෙක්‌ මරලා තියෙනවා. මං මුලින්ම මැරුවේ මගේ ආච්චිව මරපු ගෑනිව. මං ඒකිගෙ බෙල්ල මිරිකුවා. මිනී මැරුම් යට ගහන්න අපට ඕනෑ තරම් සල්ලි තියෙනවා. මගේ තාත්තා පෙට්‍රොලියම් බිස්‌නස්‌ කරන්නේ. එයාට ඇමරිකාවේ තෙල් කොම්පැණියක්‌ තියෙනවා. ලන්ඩන්වල ඒකෙ ශාඛාවකුත් තියෙනවා. අපේ පවුල යන්නෙ පර්සනල් බොඩි ගාඩ්ලා එක්‌ක. පොලිසිය ඉන්නෙත් අපේ පැත්තෙ……..”
මෙය ඇසූ තරුණිය බියට පත්ව එක්‌ වතාවක්‌ පමණක්‌ ඔහුගේ කාම ගින්න නිවීමට එකඟ විය. හෝටල් කාමරයේදී ඇය දූෂණය කළ ඔහු ඇයට විවිධ වධ දෙන්නට විය. එය පරපීඩා කාමුකත්වයේ ලක්‍ෂණයකි.
අන්තිමට අනුක්‌ හතර වතාවක්‌ ඇය බියපත් කරමින් හෝටල්වලට ගෙන ගියේය. සිව්වන වතාවේදී ඉතා බියකරු ලෙස ඇය දූෂණය කළ ඔහු හෝටල් කාමරයේ වූ රූපවාහිනියෙන් ඇගේ හිසට පහර දී ඇය ලේ පෙරාගෙන හඬනු දැක සතුටු විය.
“දැන් ඔය ලේ ටික ඔක්‌කොම පිහදාපන්. බිම තියෙන ලේ පැල්ලම් සුද්ධ කරපන්…….”
ඔහු නිරුවතින් හඬන තරුණිය දෙස බලා ගුගුලේය. අනුක්‌ වීඩියෝ කැමරාවකින් වීඩියෝ කරන අතර ඇය හිසෙත්, බිමත් තිබූ ලේ පිරිසිදු කළාය. ඉන් පසු නිහඬව ඇඳුම් ඇඳ ගත්තාය. ඒ අතර අනුක්‌ නාන කාමරයට ගොස්‌ දොර වසා ගත්තේය. තරුණිය වහා කාමරයෙන් පිට වී මහ පාරට දිව ගොස්‌ තමාට සිදු වූ විපත පොලිස්‌ නිලධාරියකුට පැවසුවාය.
අගම්පොඩි අනුක්‌ හේෂාන් සොයිසා මුලින්ම පොලිස්‌ කූඩුවට ගෙන යන ලදී. ඔහු හිරේ යන්නේ ඉනික්‌බිතිවය.
අනුක්‌ මානසික රෝගියකු බවත් ඔහුට සමාව දෙන ලෙසත් උසාවියේදී නීතිඥයෝ අයෑද සිටියහ.
එහෙත් රුත්ලන්ඩ් විනිසුරුතුමා පැවසුවේ ඔහු වැනි අය ප්‍රසිද්ධ සමාජයේ ජීවත් වීම අන්තරාදායක බවය. වසර 12 සිරදඬුවම විනයානුකූලව නොගෙව්වොත් තවත් වසර 5 ක්‌ එයට එකතු කරන බව ද විනිසුරුතුමා පැවැසීය.
ඒ සියල්ල එසේ සිදු වුණොත් අනුක්‌ හිරගෙදරින් එළියට එන්නේ අවුරුදු 42 දී ය. ඔහුගේ තරුණ කාලය එංගලන්තයේ හිරගෙදරදී දියවන අතර මහලු කාලය ලංකාවේදී ගතවනු ඇත්තේ සිර දඬුවමට නිම වූ වහාම ඔහු ලංකාවට පිටුවහල් කළ යුතු බව නඩු තීන්දුවේ ඇති නිසාය.

(Visited 101 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!