සිවුමහල් ගොඩනැගිල්ලේ තනි අතින් එල්ලෙමින් සිටි කුඩා දරුවාට සිදු වූ දේ..?

සිවුමහල් ගොඩනැගිල්ලේ තනි අතින් එල්ලෙමින් සිටි කුඩා දරුවාට සිදු වූ දේ..?

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ප්‍රංශයේ, පැරිස් අගනුවර සිවුමහල් ගොඩනැගිල්ලක පිහිටි ගරාදි වැටක එල්ලෙමින් සිය ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි කුඩා දරුවෙකු බේරා ගැනීමට සිය ජීවිතය ගැන පවා නොසිතා කටයුතු කල මාලී ජාතිකයෙක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.උතුරු පැරිසියේ පිහිටි ගොඩනැගිල්ලක මෙලෙස ගරාදි වටක එල්ලෙමින් සිටියේ සිවු හැවිරිදි දරුවෙක් වන අතර ඔහු තනි අතින් එල්ලී සිටින විට ඒ අසල සිටි ජනතාව බලාගෙන සිට ඇත්තේ එම දරුවා බේරා ගැනීමට සහන සේවකයින් පැමිණෙන තුරුය. කෙසේ වුවත් ඒ අසලින් ගමන් කරමින් සිටි 22 හැවිරිදි මාමුදෝ ගාස්මා නම් මෙම මාලී ජාතික තරුණයා එක්වරම ගොඩනැගිල්ලේ ගරාදි වැටේ ආධාරයෙන් ක්ෂණිකයෙන් දරුවා සිටි ස්ථානයට ලගා වන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක් ආකාරයෙනි.කෙසේ වුවත් මාමුදෝ ගාස්මාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පැරිස් ගිනි නිවීමේ ප්‍රධානියා ප්‍රශංසා කරමින් කියා ඇත්තේ තම නිළධාරින් පැමිණෙන විටත් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් සිටීම ගැන තමන් සතුටු වන බවයි.මේ අතර පැරිසියේ නගාරාධිපති ඈන් හිඩල්ගෝ මෙම තරුණයාගේ වීර ක්‍රියාව පිලිබදව ප්‍රශංසා කර ඇති අතර සංක්‍රමණිකයෙක් වන මාලි ජාතික මාමුදෝ ගාස්මා හට එරට පුරවැසිභාවය සදහා ඉල්ලුම් කිරීමේදී උපකාර කරන බවට ප්‍රකාශ කර ඇති බවට රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.

(Visited 152 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!