“උතුරෙන් හමුවුනේ  කොටි සංවිධානයට අයත් බෝම්බ නෙමෙයි…” – සිවාජලිංගම්

“උතුරෙන් හමුවුනේ කොටි සංවිධානයට අයත් බෝම්බ නෙමෙයි…” – සිවාජලිංගම්

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනය චාවකච්චේරියෙන් සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයට අයත් නොවන බවත්, උතුරේ කොටි සංවිධානය යළි නැගී සිටින බව පෙන්වීමට පිරිසක් ගත් උත්සාහයක් බවට සැක කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් කියයි. උතුරේ සාමකාමී තත්ත්වයක් පවතින බවත්, පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් උතුරේ යළිත් ත්‍රස්තවාදය නැඟී සිටින බව පෙන්වීමට දකුණේ දේශපාලන බලවේග කිහිපයක් උත්සාහ කරන බවත් ඔහු පවසයි. උතුරේ දේශපාලන බලවේගවලට ත්‍රස්තවාදයක් ඇති කිරීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි. උතුරේ හමුදාව රැඳවීම සදහා මෙය කරන්නට ඇතැයි සකයක් ඇති වන බවත්, ත්‍රස්ත උපකරණ හමුවූ නිවසේ හිමිකරුගෙන් සාධාරණ විමර්ශනයක් කර සත්‍ය ජනතාවට හෙළි කළ යුතු බවත් සිවාංලිංගම් කියයි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!