සිල් සමාදන් වූ මාතාවගේ මුදල් රන් ආභරණ නැතිවෙයි… සිත් තැවුලට පත් ඇය එල්ලී නසී

සිල් සමාදන් වූ මාතාවගේ මුදල් රන් ආභරණ නැතිවෙයි… සිත් තැවුලට පත් ඇය එල්ලී නසී

Spread the love
  •  
  •  
  •  
  •  

සිල් සමාදන් වී සිටි උපාසිකාවගේ මුදල් සහ රන් ආභරණ නැතිවීම නිසා කලකිරී සියදිවි නසාගත් පුවතක්‌ හොරණ හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.
හොරණ මීවනපලාන පදේශයේ පදිංචිකාරියක්‌ වන අවුරුදු 72 ක්‌ වයසැති මෙම මාතාව රන් මාල දෙක සහ රුපියල් දස දහසක්‌ බෑගයක දමාගෙන පසුගියදා සිල් සමාදන්වීමට යන විට රැගෙන ගොස්‌ ඇත. එදින පෙරවරු 10.00 පමණ වන විට ඇගේ මුදල් සහ රන් බඩු සහිත බෑගය නොමැති බව දැනගෙන ඇය විහාරස්‌ථානයේ අයට දන්වා ඇත.
පසුව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දැනුම් දී සියලු දෙනාගේ සහයෝගයෙන් සොයා බැලුවත් හමු නොවීය. ඇය දැඩි සිත් තැවුලකින් නික්‌ම ගොස්‌ ඇත. දින ගණනක්‌ මේ පිළිබඳව කණස්‌සල්ලෙන් සිටි ඇය ගෙල වැලලාගෙන දිවි හානිකර ගෙන ඇත.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!