සිරිසේන පම්පෝරි ගැහැව්වත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම දින වෙන්වෙයි..!

සිරිසේන පම්පෝරි ගැහැව්වත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම දින වෙන්වෙයි..!

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

යුද්ධ හමුදා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ බළඇණි ප්‍රතිස්‌ථාපනය කිරීමේ සැලසුම යටතේ පළමු අදියර යාපනයේ ආරක්‌ෂක සේනා මූලස්‌ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වනු ඇත.මේ සම්බන්ධව අදාළ නියෝගය පසුගිය ජූලි 13 වැනිදා යුද හමුදා මූලස්‌ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‌ෂ බ්‍රිගේඩියර් එච්. ඒ. එµa. කේ. මුහන්දිරම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබිණි. යුද හමුදා කඳවුරු ප්‍රතිස්‌ථාපනය කිරීම දින 45 ක්‌ ඇතුළත සම්පූර්ණ කළ යුතු බවට යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‌ෂ නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.භට පිරිස්‌ ප්‍රමාණ තුලනයේ පළමු අදියර ජූලි 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එය සැප්තැම්බර් 4 වැනිදා අවසන් විය යුතු බව අදාළ නියෝගයේ සඳහන් වේ.මෙහි දෙවන අදියර කිලිනොච්චි ආරක්‌ෂක සේනා මූලස්‌ථානය පදනම් කරගෙන සිදුකරන අතර එය අගෝස්‌තු 10 දින ආරම්භ කර සැප්තැම්බර් 25 වැනිදා අවසන් කළ යුතුය.තුන්වැනි අදියර මුලතිව් ආරක්‌ෂක සේනා මූලස්‌ථානය මූලික කරගෙන සිදුවන අතර එය අගෝස්‌තු 31 වැනිදා ආරම්භ කර ඔක්‌තෝබර් 16 වැනිදා අවසන් කළ යුතුය.හතර වැනි අදියර වන්නි ආරක්‌ෂක සේනා මූලස්‌ථානය පදනම් කරගෙන සිදුකරන අතර එය සැප්තැම්බර් 4දා ආරම්භ කර නොවැම්බර් 05 වැනිදා අවසන් කළ යුතුය.මෙලෙස උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණු අතර එහිදී ඉවත් කරන කඳවුරු පිළිබඳ තොරතුරු රැසක්‌ද අනාවරණය විය.යුද හමුදා සංස්‌ථා යථා යෝග්‍ය කිරීම යටතේ උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පමණක්‌ වැඩි අවධානයක්‌ යොමු කිරීම ආරක්‌ෂක විශ්ලේෂකයන්ගේ විමතියට හේතු වී ඇත.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!