“සිරිසේන ත්‍රෛනිකායික හිමිවරුන්ගේ ඉල්ලීමට පිටුපායි…! ” – හිමිවරුන් දැඩි කළකිරීමෙන්

“සිරිසේන ත්‍රෛනිකායික හිමිවරුන්ගේ ඉල්ලීමට පිටුපායි…! ” – හිමිවරුන් දැඩි කළකිරීමෙන්

Spread the love
  •  
  •  
  •  
  •  

බුද්ධ ශාසන කටයුතු පිළිබද අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නැයි ඊයේ (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් රජයට දැඩි ලෙස අවධාරණය කර ඇති අතර, එම ඉල්ලීම නොසලකා හරිමින් අගමැතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් නව පත්වීම සිදුකර ඇත.බුද්ධාගම සුරක්ෂිත කිරීම සුළුපටු කාර්යයක් නොවන බවත්, විජයදාස රාජපක්ෂ මහතා මේතාක් එම කාර්යභායට උසස් ලෙස මැනවින් ඉටුකිරීමට උත්සහා ගත් බවත්, ඔහු ඉවත් කිරීමෙන් අනතුරුව ඒ සදහා වඩාත්ම සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා පමණක් බවද මහානාහිමිවරුන්ගේ අදහස වී තිබේ.විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන ලෙසද ත්‍රෛනිකායික කරක සංඝ සභාවල නාහිමිවරුන් මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.කෙසේ වෙතත් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඉල්ලීම් හා උපදෙස් නොසලකා හරිමින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මහානාහිමිවරුන් ඇතුළු සංඝ මූලස්ථානවල නායක හිමිවරුන් දැඩි කළකිරීමෙන් පසුවන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!