සිරිසේන ගැන බලවත් සැකයක්… ‘මල් පොහොට්ටුව’ සුදානම්…

සිරිසේන ගැන බලවත් සැකයක්… ‘මල් පොහොට්ටුව’ සුදානම්…

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්ෂ මහතාට සංධානයෙන් නාමයෝජනා ලබාදී එක පෙරමුණක් ලෙස එළඹෙන මහමැතිවරණයේදී තරඟ කරන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමත් ඔහු වරින් වර නිකුත්කරන ප්‍රකාශ පරස්පර විරෝධී වීමත් නිසා මහින්ද පිළ අතර ජනපතිවරයාගේ ක්‍රියාකළාපය කෙරෙහි සැකයක් මතුවී ඇති අතර මෛත්‍රී-මහින්ද සහ‍යෝගයෙන් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරනු නොලැබුවහොත් ඔහුගේ නායකත්වයෙන් යුතු පාර්ශවය විමල් ගීගනගේගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන් ‘මල් පොහොට්ටුව’ ලාංඡනයෙන් තරඟ කිරීම සඳහා මේවන විට කටයුතු සූදානම් වෙමින් පවතී.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිරිස සත්භාවයෙන් යුතුව මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා නොදී ඔහුගේ ජනප්‍රසාදය පමණක් භාවිතා කිරීමට උපක්‍රම යෙදීමත් මහින්ද පාර්ශවයේ නව සාමාජිකයින්ට නාමයෝජනා නොදී සිරිසේන මහතාට හිතවත් නව පිරිස් ලැයිස්තුවට ඇතුලත් කිරීමත් සිදුවෙමින් පවතින බව වාර්තා වන අතර යම් හෙයකින් ජයග්‍රහණක් සිදුකළහොත් මෛත්‍රීපාර්ශවය විසින් ලබාගන්නා සැලකියයුතු මට්ටමේ ආසන ප්‍රමාණයක් එජාපයේ ආසන සමඟ එකතුකර මහින්ද මඟහැරීමේ සැලසුමක් සම්බංධයෙන්ද වාර්තාවන නිසා බොහෝවිට මෙම සුසංයෝගය බිඳවැටෙනු ඇතිබවට විචාරකයන් පවසයි.

(Visited 9 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!