“සිරිසේන ආරක්‍ෂාව ගැන දන්න කජ්ජක් නෑ..මිනිහා බයයි”-ෆොනී

“සිරිසේන ආරක්‍ෂාව ගැන දන්න කජ්ජක් නෑ..මිනිහා බයයි”-ෆොනී

Spread the love
  • 146
  •  
  •  
  •  
    146
    Shares

නීතිය සහ සාමය අමාත්‍යාංශය තමන් වෙත නොලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.“නෑ, මම හිතන්නෙ නෑ එහෙම. ජනාධිපතිවරයා අගමැතිතුමාටයි කැබිනට් සහ වෙනත් ඇමැතිවරුන් පිරිසකට කියලා තිබ්බා, මට අමාත්‍යාංශය දුන්නොත්, මම මුලින්ම කරන්නෙ එයාව අත්අඩංගුවට ගන්න එක කියලා. එයා බයයි. අනෙක් අතට එයා හිතනවා ඒ අමාත්‍යාංශයේ එයා හොඳ වැඩ කොටසක් කරනවා කියලා. මොකද එයාට ඕනෙ අමාත්‍යාංශෙ ඇතුලෙ දේශපාලන වැඩ කරන්න. ඔයගොල්ලන්ට පේනවනෙ කිසිම වෙනසක් නැහැ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති එළියට දැම්මා ඇරෙන්න. පරණ කට්ටියම තමයි. පහුගිය අවුරුදු තුනහමාරෙ කරගන්න බැරිවෙච්ච දේවල් කරන්න තමයි තාම උත්සාහ කරන්නෙ.”

(Visited 343 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!