සිරිසේන අගාධයටම… පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් සොයා ගන්නත් නැතිලු…

සිරිසේන අගාධයටම… පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් සොයා ගන්නත් නැතිලු…

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමට නැවත වරක් අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට අයදුම්පත් කැඳවීම අවසන් කර තිබෙන අතර,එම අයදුම් පත්‍ර ලබා දුන් අය ගැන සැක සංකා ඇති බවට වාර්තා වේ.
මෙලෙස අයදුම්පත් යොමු කර තිබෙන පිරිසෙන් යම් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම නිර්මාණය කරන බව කියන නව පක්ෂයෙන් ඉදිරිපත් වෙතැයි ඇති වී තිබෙන සැකය මත අයදුම්කරුවන් පිරිසක් සූදානම් කර තැබීම සඳහා යළිත් වරක් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
මේ අනුව ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් හරහා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හරහා මෙම අයදුම්පත් කැඳවීමට සැලසුම් කර තිබේ. දැනට අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන යම් පිරිසක් පොදු විපක්ෂය සමග එක්ව කටයුතු කිරීම සහ වෙනත් පක්ෂයක් සකස් කිරීමට කටයුතු කළ බවට චෝදනා කර විනය පරීක්ෂණවලට ලක්කර සිටින පිරිස් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් අර්බුදයකට ලක්ව තිබෙන බව වාර්තා වේ.
ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන පිරිස් වැඩි වැඩියෙන් එකතු කරගැනීමටද පක්ෂය තීරණය කර තිබේ.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!