“සිරිසේනට සහාය දැක්වීම ගැන දෙමළ සන්ධානයට මා හිස නමා ආචාර කරනවා” – චන්ද්‍රිකා (වීඩියෝ)

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනය කිට්ටු ක්‍රීඩාංගනයෙදී පැවැත්වූ රැලියක් අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසුව උතුරේ අධි ආරක්ෂක කලාපවලට අයත් ඉඩම් යලි ජනතාවට පවරා දෙන බවයි.
පෙරේදා දිනයේ පැවති මෙම ජනහමුවේදී ඉංග‍්‍රීසියෙන් ඇමතු චන්ද්‍රිකා කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට ‘මිස්ටර් ප්‍රභාකරන්’ කිහිප විටක්ම සඳහන් කලාය. නව පාලනය මඟන් උතුරු පළාත් සභාවට සියළු බලතල ලබා දෙන ඇතැයිද පවසා ඇති ඇය ‘පුළුල් බලය බෙදීමකට කටයුතු කලත් එය ට අවශ්‍ය දේශපාලන සහය අනෙක් පක්ෂ වලින් ලැබුනේ නැහැ. එහෙත් මෛත්‍රී පාලනයක් තුල එය ඉටුකරගැනීමට අවස්ථාව සැලසෙනු ඇති’ යනුවෙන්ද සඳහක් කලාය. එම වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
‘අනාගත ජනාධිපති මෛත්‍රී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහය ඇතිව දෙමල ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් වන පරිද්දෙන් ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට පුළුල් බලය බෙදීමක් කරනු ඇත’ යයිද පවසා ඇති චන්ද්‍රිකා යුද්ධය අවදියේ ඇතිවූ සිද්ධීන්ට තම කණගාටුව හා වේදනාවද ප්‍රකාශ කරන බවද දෙමල ජාතික සන්ධානය විසින් පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට ගත් තීන්දුවට තමන් හිස නමා ආචාර කරන බවත් පවසා තිබේ.

– සමීර සුබසිංහ [sexypoll id=”9″]

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!