“සිරිසේනට ජනාධිපති වෙන්න ඔච්චරම ආස නම් කල්පිටිය පැත්තේ පාලු දුපතක් ලබා දෙන්නම්” – විමල්

Spread the love
  •  
  •  
  •  
  •  

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනටට ජනාධිපති වීමට ඕනෑ නම් ඒ සඳහා කල්පිටිය පැත්තේ දුපතක් ලබා දිය හැකි යයි ඇමති විමල් වීවරංශ මහතා පවසයි.
මාතලේ පැවති සන්ධාන ජන හමුව අමතමින් ඔහු සඳහන් කලේ දෙමළ සන්දානයේ කොටි ඡුන්ද වලට කෙල හලන සිරිසේනලා දිනවන්න රටට ආදරේ කරන ජනතාව සූදානම් නැති බවයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන, රටේ ඒකීය භාවය ගැන ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ වචනයක් නැත්තේ එබැවින් යයිද ඔහු සඳහන් කලේය.
රට කෑ චන්ද්‍රිකාටත් රට වැනසූ ජේ.ආර්.ටත් දෙවරක් ජනාධිපතිකම දුන්නේ නම් රට බේරාගත් ජනාධිපතිතුමන් දෙවරක් නොව දස වරක් වුව ජනාධිපති කරන්නට රටේ ජනතාව සූදානම් යයිද පැවසූ ඔහු සිරිසේන මහතාට ඔහ තරමටම ඕනෑ නම් අට වෙනිදායින් පසු ජනාධිපතිවී පාලනය කිරීම සඳහා කල්පිටිය පැත්තේ කාත් කවුරුක් නැති පාලූ දුපතක් සූදානම් කර දිය හැකි යයිද කීවේය. නැතිනම් අද වන විට කියවන විකාරවල හැටියට ඔහු පිස්සු හැදෙනු ඇතැයිද ඔහු කීවේය. [sexypoll id=”9″]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!