සිරියානු ත්‍රස්තයන්ට යහපාලන ඇමරිකාවෙන් අවි තොග බිම හෙලයි

Spread the love
  •  
  •  
  •  
  •  

සිරියානු සටන්කාමී කණ්ඩායම් සඳහා ඇමරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය විසින් ගුවනින් අවි තොග බිම හෙළීමට කටයුතු කළ බව ඇමරිකානු මධ්‍යම විධානයේ ප‍්‍රකාශක කර්නල් පැටි‍්‍රක් රයිඩර් පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ ISIS ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින කණ්ඩායම් වලට සහය පළකිරීම සඳහා ඉරිදා දිනයේදී උතුරු සිරියාවට මෙම අවි තොග හෙලූ බවයි.
මේ අතර කුඩා ගිනි අවි පතරොම් තොග වූ බව කර්නල්වරයා පවසා තිබේ.
නම හෙළි නොකළ ඇමරිකානු හමුදා නිලධාරියකු ඇසෝසියේටඞ් ෆ‍්‍රාන්ස් ප්‍රෙස් වෙත හෙළි කර ඇත්තේ අවි හා පතරොම් ටොන් 50ක් පමණ මෙලෙස ගුවනින් සිරියානු සටන්කාමීන්ට ලබාදීමට කටයුතු කර ඇති බවයි.
ඇමරිකාව විසින් මෙහෙයවනු ලබන මධ්‍යස්ථ සටන්කාමීන් සඳහා මෙලෙස අවි ලබාදුන් බව රයිඩර් පවසා ඇත. සිරියානු රජයට එරෙහිව සටන් වැද සිටින ත‍්‍රස්තවාදීන්ට එරෙහිව රුසියානු ගුවන් ප‍්‍රහාර ආරම්භ කර දෙසතියකින් අනතුරුව ඇමරිකාව විසින් මෙම පියවර ගැනීම විශේෂත්වයකි.
ඇමරිකානු ආධාර ලබන සටන්කාමී කණ්ඩායම්ද රුසියානු ගුවන් ප‍්‍රහාර විසින් ඉලක්ක කෙරෙන බවත් ඔවුන් සඳහා අඛණ්ඩව සහය ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇමරිකාව විපිළිසර තත්වයක පසුවන බවත් ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.
අසාද් රජය පෙරළාදැමීම සඳහා 2013 සිට සී.අයි.ඒ සංවිධානය සිරියාව තුළ සටන්කාමී කණ්ඩායම් පුහුණු කරමින් සහ අවි ලබාදෙමින් සිටී.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!