“සිදු වන්නේ කුමක්ද..?”මෛත්‍රි-මහින්ද-රනිල් එකඟතාවකට

“සිදු වන්නේ කුමක්ද..?”මෛත්‍රි-මහින්ද-රනිල් එකඟතාවකට

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක අතර එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා රාජතන්ත්‍රීක මට්ටමේ මැදිහත්වීමක් මේවනවිට සිදුවෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිටින බටහිර රටක තානාපතිවරයකු සක්‍රිය ලෙස මැදිහත්ව සිටින අතර ඊට ඉන්දියාවේ හා ඇමරිකාවේ සහයද පලවී ඇතැයි වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නෙරපා හැර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන් අරාජික වූ ශ්‍රී ලංකාව යලි යථාතත්වයට පත්කිරීමට මැදිහත්වුයේද මෙම තානාපතිවරයාය. ඒ සඳහා ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය වෙනුවෙන් මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් සමග ද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා සමග ද ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති උපදේශක නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා සමග ද වෙන වෙනම දීර්ග ලෙස සාකච්ජා පවත්වමින් යළි සාමකාමී බලහුවමාරුවකට ඔවුන් අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට කටයුතු කළේය.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!