‘සිංහල ජාතියේ හඬ’ අම්පිටියේ හාමුදුරුවෝ ගමට වැවක් හදලා දෙන්න තම මෝටර් රථය විකුණා සල්ලි පුජා කරයි

‘සිංහල ජාතියේ හඬ’ අම්පිටියේ හාමුදුරුවෝ ගමට වැවක් හදලා දෙන්න තම මෝටර් රථය විකුණා සල්ලි පුජා කරයි

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares

මඩකලපුව මංගලාරාම අධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පිළිබඳව පසුගිය දිනවල කතාබහට ලක්වුණා. ප්‍රදෙශයේ සිංහල ගම්මාන ගොඩ නැගීමට අපමණ වෙහෙසක් දරන උන්වහන්සේ විටෙක ආවේගශීලී ලෙස හැසිරීම පිළිබදවත් කතාබහට ලක්ව තිබෙනවා. මේ අතර මඩකලපුව මංගලාරාම අධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පිළිබදව අපූරූ පුවතක් වාර්තා වෙනවා. එනම් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ ජනතාව කෘෂිකර්මයට යොමු කිරීමය.අඩු ආදායම්ලාභි පවුල් වල මෙම ජනතාව , දුගීබව නිසාම මඩකලපුව ප්‍රදේශය අත හැර යාමේ සුදානමක්ද තිබුනා. එම නිසා අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රධානත්වයෙන් මෙම ජනතාව ගොවිතැනට යොමුකර තිබුනා. ඒ සදහා තිබූ ප්‍රධානම අඩුපාඩුව වූයේ වැවකි. ඇතැම් කාල වලදි අධික නියගයෙන් පීඩා විදින මඩකලපුව ප්‍රදේශයේ ජනතාවට කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කර තැබීම අත්‍යවශ්‍යම කරුණක් වූවා.මේ බව අවබෝධ කර ගත් සුමනරතන හිමියන් මීට වසර කිහිපයකට පෙර කෙවිලියාමඩුව ප්‍රදේශයේ වැවක්‌ ඉදිකළ අතර තවත් වැවක් සෑදීමට උන්වහන්සේ කටයුතු කරමින් සිටිනවා. මෙම වැව සැදීමට මුදල් නොමැති නිසා උන්වහන්සේ කර ඇත්තේ අපූරූ වැඩක් වේ. එනම් වැව සෑදීමට වැයවෙන මුදල වෙනුවට , පරිත්‍යාගශීලීන් විසින් තමන්ට ලබා දුන් මෝටර් රථය කොන්ත්‍රාත්කරුට ලබා දීමටයි. ඒ අනුව කොන්ත්‍රාත්කරු , සුමනරතන හිමියන් සමග අත්සන් කළ ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස මඩකලපුව ජනතාවට ගොවිතැනට ජලය ලබා දීමට නියමිත මෙම වැව සෑදීම ආරම්භ කර තිබෙනවා.

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!