සිංහරාජය විනාශයි…! හෝටල් හා සංචාරක කාලප වලින් පුරවන්නට යයි

සිංහරාජය විනාශයි…! හෝටල් හා සංචාරක කාලප වලින් පුරවන්නට යයි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

සිංහරාජය කුඩව මාර්ගය ඉදි වන්නේ සමස්ත සිංහරාජයම විනාශකිරීමේ මූලික අඩිතාලම දමිමින් බව පවත්නා රජයට කිහිප විටක් දැනුම් දුන්නද පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිස එම විනාශය දිගටම සිදු කරන්නේ ඒ තුළ හෝටල් ඉදිකිරීමේ අරමුණෙන් බව සිංහරාජය සුරකීමේ ජනතා කියා සිටියි. එම සංවිධානය මේ බව කියා සිටියේ සිංහරාජයේ හෝටල් තැනීම හා මාර්ග තැනීම සම්බන්ධව කරුණු දැක්වීම සදහා (12දා) කොළඔ ගුරු මැදුරේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය. කුඩව පිටදෙනිය හා සිංහරාජය තුල කිලෝ මිටර් 30 වන ගමන් මාර්ග සකස් කිරීම හා එම මාර්ග වල විවේක ගන්නා ස්ථාන ඉදිකිරීම 10 දෙනෙකුට නවාතන් ගත හැකි ඉකෝ ලොජ් එකක්, 40 දෙනෙකු සදහා පහසුකම් සළසා ගත හැකි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස හදුන්වන නිවහනක් ඉදිකිරීම, කබානා, විවෘත නිවහන් ඉදිකිරීම හා පර්යේෂණ මධ්‍යස්ථාන , මුරුකැලේ කොස්ගුලන හා මොනින් සයිඩි හි බන්ගලා අලුත් වැඩියා කිරීම ඇතුළු විවිධ පරිසරය හා සතා සිව්පවා වනසන දැවැන්ත විනාශයක් කිරීමට සැළසුම් කර ඇති බව මෙම පරිසරවේදීනි ශානිකා පතිරණ පවසා සිටියාය. සිංහරාජය උදෙසා ජනතා පවුර වෙනුවෙන් මාධ්‍ය හමුවට පැමිණි චමින්ද ජයසූරිය මහතා පවසා සිටියේ පසුගිය මාර්තු 09 වන දින (09/03/2019) ඔහු සිංහරාජයට ගිය බවත් එහිදී පාර වසා ඇති බැවින් එයින් යාමට දිය නොහැකි බවත් නිලධාරීන් පවසා සිටි අතර වෙනත් පාරකින් ඇතුළු වීමට සිදු වූ බවත් ය. කෙසේ වෙතත් සිදු වී ඇති පරිසර විනාශය සියැසින් දැකගත් බවත් ඒ අනුව ලබා ගත් දත්ත මාධ්‍යයට නිකුත් කරන බවත් වැඩිදුරටත් පවසා සිටියේය. සිංහරාජය වැනි ලෝක උරුමයක වටිනාකමවත් නොදන්නා පරිසර ඇමති ඇතුල් පිරිස දැන්වත් මේ විනාශය නවත්වා සිංහරාජය ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා ඔහු ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පරිසරවේදී කීර්ති හේවාගොඩ මහතා පවසා සිටියේ සිංහරාජය ඇතුලු රක්ෂිත දැවැන්ත ලෙස විනාශ වෙමින් පවතින බවත් සිංහරාජය වානිජකරණය වන්කට පටන්ගෙන ඇති බවත්ය. ESCAMP ව්‍යාපෘතියට අනුව කලවාන සිට පි⁣ටදෙනිය දක්වා මාර්ගය ඉදිකිරීම ඇතුළු බොහෝ ඉදිකිරීම් සිදු වන බවත් පවසා සිටින ලදි. එසේම 2004දි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති සමයේ නිකුත් කල කැබින⁣ට් පත්‍රිකාවට අනුව සිංහරාජය නකල්ස් ඇතලු රක්ෂිත වල 500m ප්‍රේරණ කලාපය වෙන් කර ඇති බවත් මේ රක්ෂිතය ආරක්ෂා කර දෙන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම කොස්ගුලන ගඟ හරස්කර මිනිහයිඩ්රෝ විදුලි බලාගාරය ඉදිකිරීම නැවතත් ආරම්භ කර ඇති බවත් ⁣හොටල් ඉදිකරමින් ඉදිරි වානිජකරණය කිරීම් වලින් පරිසරය ශාක හා සත්ත්ව ප්‍රජා විනාශවනවා මිස ආරක්ෂා නොවන බව වැඩිදුරටත් පවසා සිටියේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!